Colombo Today Local News

කැළණි ගගේ ජල මට්ටම යළි ඉහළට.. ඉවත් වන්න සූදානමින් ඉන්න !

kelani river

කැළණි, ගිං සහ අත්තනගලු ඔයේ ජල මට්ටම යළිත් ඉහළ ගොස් තිබෙනවා.

එබැවින් ජනතාවට ඒ පිළිබදව අවධානයෙන් සිටින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යන්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ.

“මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක රැසක තද වැසි වාර්තා වනවා. තවලම ප්‍රදේශයෙන් ඊයේ දිනයේදීත් ජල මට්ටම වැඩි වෙලා තිබුනා ගාල්ල ගිං ගඟ ආශ්‍රිත ප්‍රදේශවල. මීට අමතරව කැලණි ගඟේ සමහර ස්ථාන වල ජල මට්ටම වැඩිවෙමින් පවතිනවා. වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ දත්ත අනුව තමයි මෙම ප්‍රකාශයන් පත් කරලා තියෙන්නේ. කෙසේ වෙතත් ගංවතුර මට්ටමත් තවමත් ඔවුන් ප්‍රකාශයට පත්කර නැහැ”.

කෙසේ වෙතත් මෙතෛක් ගංවතුර තත්ත්වයක් නොමැති වුවද අවශ්‍ය ඕනෑම අවස්ථාවට ඉවත්වනීමට සූදානමින් සිටින ලෙසද මධ්‍යස්ථානය කැළනි ගං මිටියාවතේ පදිංචිකරුවන්ගෙන් ඉල්ලයි.

මේ අතර දිවයිනේ බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සඹරගමු පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජගත් කුමාර මහතා පැවසුවේ දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල තද සුළං තත්ත්වයක්ද ඇති විය හැකි බවයි.

 

Related posts

පැය දෙකක විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 188ක් අත්අඩංගුවේ

colombotoday

තෙල් සහ ගෑස් ගවේශනය නැවත අරඹයි.. දෙන වැටුපට වැඩකිරීමට විශේෂඥයින්ගේ කැමැත්ත

colombotoday

දැනට පනවා ඇති ඇඳිරිනීතිය 12 වැනි දා උදෑසන 7 දක්වා දීර්ඝ කෙරේ

colombotoday

දුරකතනය නොදුන් මව සමග උරණ වූ සිසුවෙක් දිවි නහ ගෙන

colombotoday

මූලික අවශ්‍යතා සපුරා ගන්න හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් දෙන්න

Admin

හැදුනුම්පත් කාර්යාලයත් හෙට වර්ජනයේ

colombotoday