රජයේ ආනයනය බදු අධික ලෙස ඉහළ යැම නිසා ඉදිරි කාලය තුළදී ජපන් වාහන මෙරටට ආනයනය මුළුමනින්ම නතර වනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා පවසයි.
කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා සදහන් කර සිටියේ ඉදිරියේදී අඩු ධාරිතාවයෙන් යුතු ඉන්දීය වාහන මෙරට වෙළදපොලේ සුලභ වනු ඇති බවයි.