Colombo Today Local News

එක්නැලිගොඩ අතුරුදන් කලායැයි සිර කර සිටි රණවිරුවෙක්ට ඇප

ekneligoda

සිංහල කොටියෙක් ලෙස ප්‍රචලිත ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කලායැයි චෝදනා කර සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි එම නඩුවේ දෙවැනි චෝදනකරු වන ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන රුපියල් ලක්ෂ 20ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 60 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක අද (27) නියෝග කළේය.

සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන රණවිරුවාට නියෝග කැරුණු අතර විදෙස් ගමන් ද තහනම් කැරිණි.
නඩු විභාගය ජූනි 7 වැනිදාට කල් තැබිණි.

 

Related posts

වාරි ජලාශ 18 ක් තවමත් වාන් මට්ටමේ

colombotoday

උතුරේ නව ආණ්ඩුකාරවරයා ගැන විග්නේෂ්වරන් කියන දේ…

colombotoday

ගෙලිඔය ඉන්ධනහලට ආ ඩීසල් බවුසරයේ වතුර… බවුසරය හරවා යවයි

colombotoday

පළමු කොවිඩ් එන්නත් තොගය ජනවාරි 27 වනදා මෙරටට

colombotoday

නෙල්ලිගල වැවේ ගිලී තරුණයින් දෙදෙනෙක් මරුට

colombotoday

ඉන්ධන අද ලැබුණොත් විදුලි කප්පාදුවක් නෑ – ලංවිම

colombotoday