Colombo Today Local News

හීනෙකින්වත් වාහනයක් ගැන හිතනව බොරු.. ඊයේ මහ රෑ වඩිකළ බද්දෙන් වාහන මිළ දෙගුණයකින් නගී

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන් පරිද වාහන ආනයන බද්ද ඉහළ නංවා ඇති අතර එම නිසා මෙරට වෙළඳපොලේ වාහන මිල විශාල වශයෙන් ඉහල යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

අද කොලඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ කියා සිටියේ මෙතෙක් වාහන සඳහා බදු ගණනයේදී තිබූ ක‍්‍රමවේදය වෙනස් කරමින් හඳුන්වා දී ඇති අවම ඒකක බද්ද නිසා මෙසේ මිල වැඩිවනු ඇති බවයි.

නව බදු නිසා මෙතෙක් ලක්ෂ 33ක් ලෙස ප්‍රියස් රථයකට තිබූ බද්ද ලක්ෂ 72 දක්වාත්, ලක්ෂ 40ක්ව තිබූ x-trail රථයක බද්ද ලක්ෂ 80 දක්වාත් ත‍්‍රිරෝද රථයක් සඳහා බද්ද ලක්‍ෂ හතරක් දක්වාත් ඉහල යනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

නව බදු ගණනය අනුය එන්ජින් ධාරිතාව 1500cc දක්වා වූ සියළු වාහන සඳහා බද්ද ලක්ෂ 30 ක්ද, 1500 cc -1600 cc දක්වා වූ වාහන සඳහා වැඩි ව එක් ඒකකයට රුපියල් 3,500 බැගින් හා 1600cc වැඩි වන ඒකකයක රු. 4,000 බැගින් වූ බදු එක් වන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

Related posts

යු ටියුබ් වෙත ඩොලර් මිලියන 170 ක දඩයක්

colombotoday

මහේෂ් තීක්ෂණ ස්කෑන් පරීක්ෂණයකට

Admin

මාතරින් වැඩිම ඡන්ද ගත් බුද්ධිකට නොදෙන තැන සාගලට දෙන රහස…

colombotoday

දෙමල සන්ධානය ගුරුකන්ද විහාර භුමියේ තෛපොංගල් සැමරීමේ සුදානමක්

colombotoday

මහරගමට පෙට් ස්කෑනරයක් ගන්න ටෙන්ඩර් දැම්මා.. මාස තුනකින් දෙනවා – රාජිත

colombotoday

ගෙවුණු මාස 7ට ඩෙංගු රෝගීන් 56,000ක්

Admin