කොළඹ දිස්ත්රික්කයේ ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් භික්ෂූන් වහන්සේලා සියක් නමක් ඊයේ 23 කොළඹ නගරයේ පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළහ.
‘පැවිදි හඬ‘ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්රධානත්වයෙන් නාරාහේන්පිට අභයාරාමයෙන් ආරම්භ කැරුණු චාරිකාව කොළඹ නගරයේ බොහෝ ප්රදේශවල ගමන් කැරිණි.
ලැබෙන ආධාර ප්රාදේශීය ලේකම්වරුන් මගින් විපතට පත් කොළඹ ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව ආනන්ද හිමියෝ කීහ.