Colombo Today Local News

ජපන්, ඉන්දීය ආධාර රැගත් ගුවන් යානා දිවයිනට.. නැව් දෙකක් මග

flood donation

හදිසි ආපදා තත්වයෙන් විපතට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන්ට පළමු විදේශීය ආධාර රැගත් ගුවන් යානය ඊයේ ඊයේ (20) රාත්‍රී 8.35ට කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟාවී තිබේ.

මේ ආධාර තොගය පැමිණියේ ජපානයේ සිට එමිරේට්ස් ගුවන් සමාගමට අයත් EK 650 දරණ ගුවන් යානයෙනි.

එහි බ්ලැන්කට්ස්, වතුර පිරිසිදු කිරීමේ බෙහෙත්, වතුර ටැංකි හා ජෙනරේටර් ඇතුළු විශාල භාණ්ඩ තොගයක් ඇතැයි වාර්තා වේ.

ආධාර රැගත් තවත් ගුවන් යානයක් අද 21 පාන්දර 4.45ට ඉන්දියාවේ සිට පැමිණියේය. එසේ ඉන්දියාවේ සිට ලංකාවට ආධාර රැගෙනආවේ ඉන්දීය විශේෂ ගුවන් යානයකිනි.

මේ අතර ආධාර රැගත් නැව් දෙකක් ශ්‍රී ලංකාවට එවීමට ඉන්දීය රජය තීරණය කර ඇති අතර ඉන් එක නෞකාවක් මේවන විටත් ඉන්දියාවේ කෝචින් වාරයෙන් පිටත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

Related posts

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ විද්‍යුත් මෝටර් රථය වෙළෙඳපොළට

colombotoday

ශෂේන්ද්‍රට කලුකොඩි දා විරෝධයක්. ඔප්පු ප්‍රදානයෙන් ලිස්සයි

colombotoday

රාජ්‍ය ණය බර බිලියන 9500 ක් !

colombotoday

ජනාධිපති රනිල්ගේ රාජාසන කතාව ප්‍රශස්තයි – මහින්ද

Admin

කලා වැවේ හදිසි වාන් දොරටු අඩි 16 බැගින් විවෘත කරයි

Admin

විග්නේශ්වරන් ඇතුළු ද්‍රවිඩ මන්ත්‍රීවරු එකතු වී ඥානසාර හිමිට එරෙහිව විරෝධතා. Photos

colombotoday