ආන්දෝලාත්මක පැනමා ලැයිස්ලුවේ නම ඇතුලත් කලුආරචිචිගේ අවන්ති කුමාර ජයතිලක නැමැත්තා මේ වන විට කබීර් හෂීමි ඇමතිවරයාගේ පත් කිරීමක් මත ලංකා බැංකුවට 95.5% කොටස් හිමි 9 වන මහල ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේ පිහිටි Property Development Plc යන ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.
මේ අනුව පසුගිය ආණ්ඩුවේ පමණක් නොව මෙම ආණ්ඩුවට සමිබන්ධ ඇමතිවරැන්ගේ සමීප හිතවතුන්දගේ ද ආන්දෝලාත්මක පැනමා ලැයිස්ලුවේ නම ඇතුලත් බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ සමිබන්ධයෙන් රජයේ ස්ථාවරය විමසීම සදහා හා අදාල පුද්ගලයාගේ ක්‍රියාකලාපය පිළිබද ප්‍රශ්ණ කිරීමට මෙරට සිවිල් සංවිධාන කීහිපයක් සැරසෙන බවටත් වාර්තා වෙනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ අදාල පුද්ගලයාට එරහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට ඇති හැකියාව පිළිබදව ද සොයා බලමින් සිටින බවයි. අදාල කරුණ මත යහපාලනය වචනයට පමණක් සීමාවී ඇති බවටයි ඔවුන් වැඩ්දුරටත් චෝදනා කරන්නේ.
( Kaluachchigamage Avanthi Kumara Jayatilake, 9th Floor,Bank of Ceylon Headquarters Building
1,Bank of Ceylon Mawatha ,Colombo 1, Sri Lanka http://www.boc.lk 95.5% )