එලියේ මහ ලොකුවට දුෂණය නාස්තිය ගැන කතා කරන ජවිපෙ මන්ත්‍රීවරුන් කාටත් කලින් මන්ත්‍රී බදු සහන වාහන බලපත් කාටත් කලින් මේ වන විටත් ලබාගෙන ඇති බවත් ඩිජිටල් යටිතල පහසුකම් හා විදුලි සංදේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ සිරිකොත පක්ෂ මුලත්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
අගමැතිවරයා වෙනුවෙන් කෝටි 60ක් වියදම් කර වාහන මිලදී ගන්නේ යැයි ජවිපෙ නායක අනුර දිසානායක විසින් එල්ල කළ චෝදනාවට ප්‍රතික්ෂේප කල හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සදහන් කළේ රජය විසින් රජයට ගෙවන බදු මුදල් නිසා එම වාහන දෙකේ මිළ ලෙස කෝටි 60ක් දක්වා ඇති බවයි. එහි නියම වටිනාකම රුපියල් මිලියන 128ක් වන බවද අමාත්‍යවරයා එහිදී සදහන් කළා.