Colombo Today Local News

නාවික හමුදාවේ නිපදවූ යාත්‍රා 09ක් මුල් වරට විදේශ රටකට

මෙරට නිෂ්පාදනය කරන ලද වෙරළාරක්ෂක යාත්‍රා 09ක් නයිජීරියානු රජය වෙත අලෙවි කර තිබේ.

වැලිසර නාවික හමුදා කඳවුරේ පිහිටා ඇති වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘතිය යටතේ මෙම යාත්‍රා නිෂ්පාදනය කර ඇති බව සඳහන්ය.

විදේශ රටකට ශ්‍රී ලංකාවේ යාත්‍රා අළෙවි කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර ඉන් උපයා ඇති ආදායම රුපියල් කෝටි 60ක් පමණ වන බව නාවික හමුදාව සඳහන් කළේය.

යාත්‍රා මිලදී ගැනීමේ අවස්ථාවට නයිජීරියානු රජය නියෝජනය කරමින් මෙරට සිටින නයිජීරියානු මහ කොමසාරිස් එස්.යූ අහමඩ් මහතා සහභාගී වී තිබේ.

1994 වසරේ සිට එවකට පැවති අවශ්‍යතාවයට සරිලන ලෙස විශේෂ යාත්‍රා බලඇණිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කුඩා යාත්‍රා නිෂ්පාදනය ආරම්භ කරනු ලැබීය. යුද්ධය පැවති අවසන් සමයේ මානුෂීය මෙහෙයුම සඳහා ද මෙම යාත්‍රා බහුව යොදා ගත් බව නාවික හමුදාව පවසයි.

Related posts

වෙඩි වැදී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වෙයි

Admin

හරිනිගේ අනාගමික රාජ්‍යය ගැන හෙළිදරව්වක්

Admin

සිරිමල්දෙනිය වත්තේ පුද්ගල ඝාතනයක්

colombotoday

ගම්මන්පිලව හිරේ දාන්න ගහපු ගේමක් රන්ජන්ගේ හඩ පටයෙන් එළියට !

colombotoday

ඇමරිකාව ශ්‍රී ලංකාවට සංචාරක සීමා පනවයි

colombotoday

බෝම්බ කුමාර අත්අඩංගුවට

colombotoday