ජනතාවට නොමිලේ වයිෆයි දෙන බව පවසමින් බලයට පැමිණි හයිෆයි උදවිය ජනතාව ලබාගන්නා රුපියල් සීයක රීලෝඩ් එකකින් රුපියල් 47ක් කපාගන්නා තත්වයකට පත්ව ඇතිබව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ගලිගමුව ප්රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට සහභාගී වෙමින් හිටපු ජනාධිපතිවරයා, මේ ආණ්ඩුව ස්ථාවර එකක් නොවන බවත්, ආණ්ඩුව තුළ ගැටළු ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධියෙන් පෙන්නුම් කරන බවද පැවසීය.
https://www.youtube.com/watch?feature=player_embedded&v=Pp0QiAVXSjU#t=10