World

“ඇෆ්ගන් රෝහලට පහරදීම යුධ අපරාධයක් නොවේ.. තාක්ෂණික දෝෂයක්” ඇමරිකාව කියයි

වෛද්‍යවරුන් ඇතුළු රෝගීන් 42 ක්‌ මරුමුවට පත් කරමින් ඇෆ්ගනිස්‌ථානයේ කුන්දුස්‌ රෝහලට එල්ල වූ බෝම්බ ප්‍රහාරය යුද අපරාධයක්‌ නොවන බව ඇමරිකානු ආරක්‌ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

ඇමරිකානු ආරක්‌ෂක දෙපාර්තමේන්තුවේ ජනරාල් ජෝශප් වෝටල් පැවසුවේ එම රෝහලට ප්‍රහාර එල්ලවීම තාක්‌ෂණික දෝෂයක්‌ නිසා සිදුවූවක්‌ බවයි.

ප්‍රහාරය එල්ල කළ ගුවන් හමුදාව තම ඉලක්‌කය රෝහලක්‌ බව දැන සිටියේ නැහැ යෑයිද හෙතෙම පළ කළේය.

එහෙත් ප්‍රංශ එම්.එස්‌.එෆ්. සංවිධානයේ වෛද්‍යවරු පැවසුවේ රෝහලට බෝම්බ දැමීම ආරම්භ වීමත් සමඟම තමන් ඇමරිකානු බලධාරීන්ට දැනුම්දීමක්‌ කළත් විනාඩි 20 ක්‌ තිස්‌සේ බෝම්බ දැමීම සිදුවූ බවත්ය.

Related posts

පාකිස්තානයේ බොම්බ පිපිරීම්

Admin

අමෙරිකාව සහ කෙන්යාව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි

Admin

විවාහ උත්සවයකදී ළිඳකට ඇදවැටී 13ක් මරුට

colombotoday

රුසියාවේ විද්‍යාඥයින් තිදෙනෙක්ට එරෙහිව රාජද්‍රෝහී චෝදනා

Admin

සෙනසුරාදා රාත්‍රී 12 ට පෙර මව් රටට එන්න. ඕස්ට්‍රේලියා රජය තම පුරවැසියන්ගෙන් ඉල්ලයි

colombotoday

වැඩ පෙන්නන්න ගොස් ඉල්ලන් කන ISIS සාමාජිකයා

colombotoday