Colombo Today Local News

සම්බුදු සිරිපා සටහනක් පාකිස්ථානයේත්

වර්ෂ 1980 දී පාකිස්තානයෙන් සොරකම් කර අමෙරිකාවට ගෙන ගිය මූර්තියක් අමෙරිකාව නැවත පාකිස්තානයට භාරදී තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසට අයත් මෙම මූර්තියෙන් බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන නිරූපනය වන බවයි BBC වාර්තා කරන්නේ.

පැරණි බඩු අලෙවි කරන ජපන් ජාතික වෙළෙන්ඳෙකු පාකිස්තානයෙන් සොරකම් කර මෙය අමෙරිකාවට රැගෙන ගොස් තිබුණා. මෙම වෙළෙන්ඳා ඉකුත් අප්‍රේල් මාසයේදී සොරබඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ බවයි වාර්තා වන්නේ.

මේ අතර සම්බුදු සිරිපා සටහන නිරූපණය වන අදාළ මූර්තිය අමෙරිකානු ඩොලර් මිලියනකට අලෙවි කිරීමේ අපේක්ෂාවෙන් වෙන්දේසියකටද ඉදිරිපත් කර තිබුණා. කෙසේ වෙතත් අමෙරිකානු බලධාරීන් විසින් එය වළක්වා මෙම මූර්තිය නැවත පාකිස්තානයට භාර දී තිබෙනවා.

Related posts

වොකස්වැගන් ජනවාරියේ එනවාමයි – අගමැතිගෙන් සහතිකයක්

colombotoday

ඇමති රංගේ බණ්ඩාර වන්නියාගම රක්ෂිතය වනසයි.. ඇමතිගෙන් හා පුතාගෙන් නීතියටත් බලපෑම්

colombotoday

යුද්ධය කළ බුද්ධි අංශ නිලධාරීන් දැන් නාකියි.. ඔවුන් ගෙදර යවා අපි නවීන හමුදාවක් හදනවා !

colombotoday

රට පුරා ඉන්ධන හිගයක්…

colombotoday

අදත් ප්‍රදේශ රැසකට තද වැසි… නායයෑමේ අනතුරු ඇඟවීම් තව දුරටත්

colombotoday

රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක් ටිපරයක හප්පා පලායයි

colombotoday