Colombo Today Local News

ගාල්ලෙන් ගිය බස් රථයකට යාපනේදී ප්‍රහාරයක් !

යාපනය අරියාල් ප්‍රදේශයේ දී නාඳුනන කණ්‌ඩායමක්‌ විසින් ගාල්ල ප්‍රදේශයේ සිට පැමිණි බස්‌රථයකට පහරදීමේ සිද්ධියක්‌ ඊයේ (22 දා) වාර්තා විය.

ඊයේ අලුයම 2.30 ට පමණ යතුරුපැදිවලින් පැමිණි පිරිසක්‌ විසින් ආරියාලේ ප්‍රදේශයේ ලැගුම් හලක්‌ අසල නවතා තිබූ බස්‌ රථයකට මෙම ප්‍රහාරය එල්ලකර ඇති අතර එම ප්‍රහාරයෙන් බස්‌ රථයට දැඩි අලාභහානි සිදුකර ඇත.

මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ ගාල්ල තෙලිද්දුව ප්‍රදේශයේ සිට යාපනය ප්‍රදේශයේ සංචාරයක යෙදුණු තිස්‌දෙනකුගෙන් යුත් නඩයකටය.

තම බස්‌රථයට ප්‍රහාරය එල්ල වීම සම්බන්ධයෙන් එම අවස්‌ථාවේදී ඊට මුහුණපෑ බස්‌ රථයේ හිමිකරු වූ වයි.බී. ප්‍රියන්ත මහතා, ඊයේ අලුයම මේ සිද්ධිය වෙන අවස්‌ථාවේ අපි අරියාලේ ප්‍රදේශයේ ලැගුම් හලක උඩුමහලේ සහ පහත මාලයේ නිදා සිටියා. අපේ පිරිසට හොඳටම නින්ද ගිහින් තිබුණේ. එක පාරටම අප සිටි ගොඩනැඟිල්ල ඉදිරිපිට නවතා තිබූ බස්‌රථයට කවුදොa පහර දෙනවා ඇහුණා. යතුරුපැදිවලින් පැමිණි කිහිප දෙනකු බස්‌රථවලට පහරදී පලා යනවා දැක්‌කා. ඔවුන් අපේ බස්‌රථයේ වීදුරුවලට හානිකර තිබුණා.

අපි මේ පහරදීම පිළිබඳව යුද හමුදාවටත්, පොලිසියටත්, පොලිස්‌ හදිසි ඇමතුම් ඒකකයටත් දැනුම් දුන්නා. අපි මේ පිළිබඳව යාපනය පොලිසියට පැමිණිලි කළා. මේ හදිසි පහරදීම පිළිබඳව අප කණ්‌ඩායම දැඩි කම්පනයට පත්වෙලයි සිටින්නෙ යෑයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය. අපි මේ පිළිබඳව යාපනය පොලිසියෙන් විමසූ විට පොලිසිය සඳහන් කළේ එවැනි පහරදීමක්‌ පිළිබඳව පැමිණිල්ලක්‌ කර ඇති බවත් ඒ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බවත්ය. වැඩි තොරතුරක්‌ තමන්ට ඉදිරිපත් කළ නොහැකි බවත් එම පොලිසිය සඳහන් කළේය.

-දිවයින

Related posts

කූඩුවෙන් පැන්න සිරකරුවා නීතිඥවරියගේ බෙල්ල මිරිකලා

Admin

මහාවංශයේ උදාහරණ බෞද්ධ මතය ලෙස මුස්ලිමයන් ඉදිරියේ ප්‍රකාශයක් කල ගල්කන්දේ ධම්මානන්ද හිම්ට බොදු බලෙන් ලිපියක්

colombotoday

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට විශේෂ මෙහෙයුම්

Admin

ගුරු – වෘත්ති සංගම් ඉල්ලීම ඉවත දා මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් භාරගැනීම අදින් අවසන් කරයි

colombotoday

“අම්මට හුඩු හතරක් හිටියා, දෙකක් වැඩම කරලා, ආතල්” පොලිස්පති පූජිත සභාවක් මැද අමුතු රංගනයක ! (VIDEO)

colombotoday

ෂැඩෝ කැබිනට්ටුව ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා කියන කතාව

colombotoday