Colombo Today Local News

ඇමති දයා ලන්ඩනයේදී රනිල් හමුවෙයි

ජනක අලහප්පෙරුම – ලන්ඩන් නුවර සිට

බ්‍රිතාන්‍ය නවක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී අරම්පාර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හා දේශීය කර්මාන්ත නගා සිටුවීමේ අමාත්‍ය දයා ගමගේ මහතා මුණගැසීමක් සිදුවිය.

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා වෙළද සංගමයේ සභාපති ව්‍යාපාරික ජයම්පතී පෙරේරා මහතා හා අනෝමා ගමගේ මහත්මියද මෙම අවස්ථාවට සහාභාගී වූහ.

මෙහිදී ලංකාවේ ආර්ථිකය නගාසිටුවීමට තමාට දිය හැකි පූර්ණ සහාය ලබාදෙන බව රනිල් ජයවර්ධන මන්ත්‍රීවරයා පවසා තිබේ.

තේවල සිට දුම්රිය දක්වාද, රබල්වල සිට මහාමාර්ග දක්වාද දෙරට අතර මේ වනවිටත් පවතින වෙළදාම වර්ධනයටත් ඉදිරියේදී තවත් වෙළද ගිවිසුම්වලට පැමිණීමටත් තම සහාය ලබාදෙන බව පැවසූ රනිල් ජයවර්ධන මහතා, අනාගතයේදී බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා දෙරටේ ජාත්‍යන්තර සබදතාව තව තවත් වර්ධනය කිරීමට හා ශක්තිමත් කිරීමට උපරිම ලෙස කටයුතු කිරීමටත් මෙහිදී පොරොන්දු වී තිබේ.

රනිල් ජයවර්ධන මහතා මේ වන විට ශ්‍රී ලංකාවට සහය දෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමේ සභපතිත්වයද උසුලයි. එහිදී මන්ත්‍රීවරයෙකු වීමෙන් පසුව ප්‍රථම වතාවට තමා නුදුරු දිනකදී ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් තම දෙමව්පියන්ගේ මව්බිම වන ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමින් සිටින බවත් පවසා තිබේ.

ශ්‍රී ලාංකික සම්භවයකින් පැවත එන විසිනම හැවිරිදි රනිල් ජයවර්ධන මහතා, 2015 මැයි මාසයේ පැවති බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් ගිනිකොනදිග එංගලන්තයේ හැම්ප්ෂයර් ඊසාන දිග මැතිවරණ කොට්ඨාසයෙන් පාලක කන්සර්වේටිව් පක්ෂයෙන් තරග කර වැඩි ඡන්ද තිස්දාහකින් විශිෂ්ඨ ජයක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරයෙකි.

Related posts

මත්කුඩු ජාවාරම මැඩලීමට අලුත් බලකායක් වැඩට බහී…

colombotoday

අර්ජුනගේ මාධ්‍ය මාෆියාවේ සන්ඩේ ලීඩර් සහ ඉරුදින මාධ්‍යවේදීන්ට වැටුප් නෑ !

colombotoday

ලිට්ට්‍රෝ ගෑස් සමාගම හරහා ඩොලර් මිලියන ගනනක වංචාවකට අයතා පත්වීම්…

colombotoday

ඖෂධ හා උපකරණ තරගකාරීව මිලදී ගැනීමේදී බාධා මග හැරවීමට නිර්දේශ ඉදිරිපත් කරන්න කමිටුවක්

Admin

“මේ රටේ අසාර්ථකම පාලනය රනිල් -මෛත්‍රී පාලනයයි” – අනුර කුමාර

colombotoday

2023 උසස් පෙළ කාලසටහන යාවත්කාලීන කරන්නැයි පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්

Admin