Colombo Today Local NewsTop Stories

බෝගම්බර බන්ධනාගාර ඉඩම සංස්කෘතික හා සංචාරක ව්‍යාපෘති සඳහා අවුරුදු 50ක බදු පදනමට!

බෝගම්බර බන්ධනාගාර ඉඩම අවුරුදු 50ක බදු පදනම මත බැහැර කිරීමට ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති මෙම ඉඩම, මහනුවර මහ නගර සභා බලප්‍රදේශය සඳහා 2021-2030 කාලය සඳහා සකස් කර ඇති සංවර්ධන සැලැස්මේ උපයෝගිතා සේවා කලාපය තුළ පිහිටා තිබේ.

ලෝක උරුම ගොඩනැගිලි සංරක්ෂණ මට්ටමින් හඳුනාගෙන ඇති බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය, සංස්කෘතික සහ සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා විශාල හැකියාවක් සළසයි.

එමඟින්, නාගරික සංවර්ධන අධිකාරියේ මූලික සැලසුමට අනුව මූල්‍ය, පාරිසරික, හා සාමාජීය වශයෙන් විභවතාවක් ඇති සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ආයෝජන යෝජනා කැඳවීමට නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.

Related posts

ජනපතිගේ ආශිර්වාදයෙන් ඇමති විමල්ගේ ආරාධනයෙන් එන ඡන්දෙට මං ඉල්ලනවා..

colombotoday

ගාලු මැයි රැළියේ සංවිධාන වැඩවලට සජින් වාස් එයි.. ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ විරෝධය

colombotoday

මංගලගේ, කබීර් හෂීම්ගේ ඇමති විෂයන් ඉවත් කරන්නැයි අගමැති ජනාධිපතිට දන්වයි !

colombotoday

හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුව අසභ්‍ය වචනයෙන් අමතයි – වීඩියෝ සහිතයි

colombotoday

බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ නිල සංචාරයකට සැරසෙයි

colombotoday

යුධ අපරාධ කළෝ කවරහුද?

colombotoday