Colombo Today Local NewsTop Stories

නාමල්ට පත්තු වෙන අලුත්ම නඩුව?

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් සිය නීති උපාධිය වංචනික ආකාරයෙන් ලබාගෙන තිබේද යන්න පිළිබඳව විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර ඇත.

අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව, නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ විභාගයට පෙනී සිටීමේදී වංචාකාරී ලෙස කටයුතු කර තිබේදැයි සොයා බැලීම සඳහා මෙම විමර්ශන ආරම්භ කල බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබේ.

ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා නීති විද්‍යාලයෙන් විමර්ශනවලට අවශ්‍ය ලේඛන ලබා ගැනීමට අවශ්‍ය තිබෙන බවත්, එම වකවානුවේ සේවය කළ එහි නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය තිබෙන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගයට මුහුණ දීමේදී වංචනික ක්‍රියාවක් සිදුකර ඇද්ද සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් නියම කරන ලදී.

Related posts

පාර්ලිමේන්තු නව සැසිවාරය : ජනපතිගේ දෙවැනි ගැසට් එකෙත් අවුලක්…

colombotoday

අන්තරේ කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

කොවිඩ් වෛරසය නිවෙස් තුළට ඇවිත් – වෛද්‍ය අලුත්ගේ

colombotoday

‘අස්ගිරි පාර්ශවයේ නිවේදනය ගැන දැන්ම මොකුත් කියන්න බෑ.. පස්සෙ කියනවා“ – රාජිත

colombotoday

ජෝන් ඇමතිට හූ කියූ තිදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

සරත් ෆොන්සේකාගේ රැළියට අද කිහිපදෙනෙක් සහභාගී වෙයි

Admin