Colombo Today Local News

ප්‍රාදේශීය සභා යන්න හිටපු කට්ටිය දැන් පාර්ලිමේන්තුවේ

නාම යෝජනා ලබා දීමේදී නියෝජනය කළ පක්ෂය වෙනුවට අපේක්ෂකයන් රැසක් මේ වනවිට පක්ෂ මාරු කර සිටින බැවින් පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාම යෝජනා කැඳවීම සුදුසු බවත් ජාතික ජන බලවේගය යටතේ ප්‍රාදේශීය සභාවට නාම යෝජනා ලබාදුන් බොහෝ දෙනෙකු ද මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන බැවින් ඔවුන්ටත් පවතින නාම යෝජනා යටතේ පළාත් පාලන මැතිවරණයට යොමුවීම ගැටලුවක් බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසයි.

“ආණ්ඩුව පැහැදිලිව ම ජනතාවට විශාල බලාපොරොත්තු ගොන්නක් දුන්නා. දැන් ආණ්ඩුව බලාගෙන ඉන්නවා මීළඟ පොල් මුරේ එනකල්. ලුණු මිදෙන්න යන කාලය පිළිබඳව ගණන් හදනවා. වී අස්වැන්න කැපෙන්න කරල් පැහෙන කාලය දිහා බලාගෙන ඉන්නවා. මේ ආණ්ඩුව ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කළ යුතුයි කියන දැඩි ස්ථාවරයේ අපි ඉන්නවා.

ඒ වගේ ම මේ ආණ්ඩුව ඉතිහාසයේ පළමු වතාවට බොරු කියන එක නීත්‍යනුකූල කරලා තියෙනවා. ඒ නිසානේ ආණ්ඩුවේ ඉන්න ජනප්‍රිය මන්ත්‍රිවරියක් මාධ්‍යයට ඇවිත් කියන්නේ බොරු කියන්නත් අයිතියක් තිබෙනවා කියලා. තව අවුරුදු පහකින් කියයි බොරු කීමේ අයිතිය අපි පිළිපැද්දා කියලා.

තමන් වෙච්ච පොරොන්දු ඉටුකර ගැනීමට නොහැකි වූ විට ආණ්ඩුව දැන් ප්‍රශ්නය වෙනත් පැත්තකට හරවන්න උත්සාහ කරනවා. පක්ෂයේ ප්‍රබලයෝ යැයි කියපු අයගේ ජීව දත්ත වාර්තා පිළිබඳව සමාජයේ යම් කතිකාවක් ගොඩ නැඟිලා. ඒවා සම්බන්ධයෙන් සමාජය ප්‍රශ්න කරද්දී ඒ අයම ඉල්ලා අස්වෙනවා.

තමන්ට එල්ල වන චෝදනා විපක්ෂය පැත්තට හරවන්න දැන් ආණ්ඩුව උත්සාහ කරනවා. අපේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා නම් පැහැදිලි ව මම කියන්නේ ඒවා පරීක්ෂා කරන්න කියලා. මට තිබෙන්නේ අධ්‍යාපනය හැදෑරුවේ නැහැ කියන චෝදනාව නොව කොපි කළා කියන එකයි. ඒ හින්දා ඒ ගැන පරීක්ෂණයක් කරන්න. මම විභාගේ ලිව්වේ ලංකාවේ නීති විද්‍යාලයේයි. මේ ගහන්නේ නාමල් රාජපක්ෂට නොවෙයි ලංකාවේ නීති විද්‍යාලයට කියන එකත් මේ අය මතක තියා ගත්තොත් හොඳයි.

මුලින් මේ අය රටේ උත්තරීතර පාර්ලිමේන්තුවට බොරු කළා. දැන් නීති විද්‍යාලය කොපි කරන තැනක් බවට මතයක් ගොඩනඟන්න හදනවා. මේක තමයි ජනතා විමුක්ති පෙරමුණේ දේශාපාලන න්‍යාය. ජනතා ප්‍රශ්න යටපත් කරන්න එක් එක් අයගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කරනවා. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට චෝදනා කරනවා. තමන්ගේ පක්ෂයේ ප්‍රබලයන් කළ වැරැදිවලට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය අල්ලාගෙන වැඩක් නැහැ.

කුමන්ත්‍රණයක් මගින් 2022දී පො.ජ.පෙ. ආණ්ඩුව වැට්ටුවා. ඒ වට්ටපු වෙලාවේ ආර්ථිකය කඩා වැටෙන තැනට විදේශීය හා දේශීය බලවේග අපේ රට හැසිරෙව්වා. ඒ අවස්ථාවේ රනිල්ව අපි පත්කර ගත්තා. රනිල්ගේ වැඩපිළවෙළ අඩුවක් නැතුව ඒ ආකාරයෙන්ම මේ ආණ්ඩුව කරගෙන යනවා.
අමාත්‍යවරයෙක් හෝ දේශපාලන සබඳතාවක් තිබෙන කෙනකුට ජනාධිපති අරමුදලෙන් මුදල් වියදම් කරනවා කියනවා වගේම‍ මෙතෙක් කල් ජනපති අරමුදලින් උදව් කළ අනෙක් අයගේ නම්ද හෙළිකළ යුතුයි. ඒ අනුව අපිට බලන්න පුළුවන් අඩු වැඩි වශයෙන් සිද්ධ වෙලා තිබෙන කාරණය මොකක්ද කියලා. එසේ නොමැතිව අපිට එකපාරටම ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න බැහැ.

සෑම ජනපති කෙනෙක් යටතේම ජනපති අරමුදල භාවිත කිරීමට අදාළ පුද්ගල නම් අනාවරණය කළ යුතුයි. එසේ නොමැතිව පුද්ගල නම් කිහිපයකට ලඝු කරලා මුළු අරමුදලේම භාවිතය ඒ හා සමාන යයි කීම වැරැදියි. අපේ පවුලේ කාටවත් මේක දීලා නැහැ. අපි ගන්නෙත් නැහැ.”

ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මෙසේ පැවසීය.

Related posts

ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් දිවයිනට

colombotoday

ඉන්ධන මිල අඩු කලා වගේ ආහාර මිලත් අඩු කරනවා

Admin

කොරෝනා වෛරසය සෑහෙන දුරකට පාලනය කර අවසන් – වසංගත විද්‍යා ඒකකය

colombotoday

එන මැතිවරණයට ඉල්ලන්නැයි ජනතාව මට කියනවා..- අනුෂා දමයන්ති

colombotoday

තලතාගේ කැබිනට් පත්‍රිකාව ජනපති කුණු කූඩයට දමයි

colombotoday

මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර මේ වසර අවසානයේදී ජනතා අයිතියට

colombotoday