Colombo Today Local News

රට යන්නේ ආපස්සටයි

ලොව සමහර රටවල් සුභවාදීව වෙනස් වෙලා තිබුණත් අවාසනාවකට වගේ අපේ රට දීර්ඝ කාලයක් තිස්සේ ආර්ථික වශයෙන් ආපස්සට ගොස් ලංකාව බංකොලොත්වී චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතික අංග පිරිහීමකට ලක්ව ඇතැයි බෙල්ලන්විල රාජ මහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඛෙල්ලන්විල ධම්මරතන හිමියෝ පැවසූහ.

බෙල්ලන්විල ඇසළ පෙරහර සාර්ථක කිරීමට සහාය වූ ආයතන හා පුද්ගලයන්ට තුති පුදකිරීම සඳහා විහාරස්ථානයේ පැවති රැස්වීමේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.‘ගියවර පෙරහරට ලැබුණු ආධාර වලට වඩා දෙගුණයක් ඒ සඳහා වැය වුවත් පෙරහර සාර්ථකව කිරීමට හැකිවූයේ මෙම පිරිස හා ආයතනවල කැපවීම නිසයි.මට මතකයි එක් වරක් බෙල්ලන්විල ඇසළ පෙරහරේ අලි ඇතුන් 111 ක් ගමන් කළා.

අද කාලෙ එහෙම අලි ඇතුන් සොයා ගැනීම ඉතා අපහසුයි. සොයා ගත්තත් ඒ සඳහා යන වියදම හිතා ගන්නත් බෑ.ගියවර පෙරහර කිරීමේදී මුහුණදුන් අපහසුතා වලට වඩා වැඩි දුෂ්කරතා වලට ඉදිරියේදී මුහුණ පාන්න සිදුවේවි කියා මා සිතනවා.ඒ කවර හේතුවක් නිසාවත් වසර 2300 ක සංස්කෘතික වටිනාකමින් යුත් පෙරහැර නතර කරන්න පුලුවන් කමක් නෑ. ඒ නිසා එම දුෂ්කරතා තේරුම් ගෙන ලබනවර පෙරහර කරන්න අධිෂ්ඨාන ඇති කරගන්න” යැයි විහාරාධිපති හිමියෝ පැවසූහ.

– දෙහිවල / එච්.එම්. ධර්මපාල

Related posts

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් දිවයිනට

colombotoday

යුක්‍රේන සංචාරකයින් පොළොන්නරුවටත් යයි.

colombotoday

වැලිකඩ ගිහින් ආ විජිත රෝහණගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක් !! (Video)

colombotoday

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් අධිකරණය හමුවට

colombotoday

ගුරු – විදුහල්පති ගැටලුවට අද සයිබර් විරෝධතාවක් – ඇමති අනු කමිටුවේ හමුව අවලංගුයි

colombotoday

ටෙන්ඩරය වැරදී හාල් ඇටයක්වත් ආනයනය කරන්න බැරිවෙයි

Admin