විපක්ෂ මන්ත්‍රීවරුන් සහල් හිඟයක් ගැන කතා කරන්නේ දේශපාලන කුහකකම නිසා බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.
“ඕක දේශපාලන කුහකකම නෙ. රටේ ජනතාවට ඕනෙ තරම් කිරිබත් කන්න හාල් තියෙනවා.
ඔය විපක්ෂයේ හඬ නඟන මන්ත්‍රීවරුන්ට කියන්න කැමතියි, ඔයගොල්ලොන්ට කිරිබත් නැත්නම්, එන්න කිරිබත් කන්න, අපි කිරිබත් දන්සැල් හදලා දෙන්නම්. දන්සැල් දෙන්න හාල් තියෙනවා මේ රටේ.”
දේවානන්ද සුරවීර මහතා මේ බව පැවසුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි