හාල් මිල ඉහළ යැයි පවසමින් ආණ්ඩුව මැසිවිලි නඟන්නේ බොරුවට බව පිිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
දේශීය සහල් රු. 230 නම් එම මිල පහළ වැටෙන්නට පිට රටින් ගෙන එන සහල් රු. 210ටවත් දිය යුතු බවයි, හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
බදු පනවා ආනයනිත සහල් මිලත් රු. 230 කළ පසු මහල් මිල පහළ යන්නේ කෙසේ දැයි ගම්මන්පිල ප්‍රශ්න කරයි.
පිවිතුරු හෙළ උරුම මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.