Colombo Today Local News

සයිටම් හොර උපාධි කඩයක් කිවුවේ උපාධි හොරෙක්

අශෝක රන්වල මහතා කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මගින් තමන්ට ආචාර්ය උපාධියක් නැතැයි නොපවසා එහි ලේඛන සොයා ගැනීමට නොහැකි බවට සිදුකළ ප්‍රකාශය බොරුවක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසයි.

ජපානයේ විශ්වවිද්‍යාලයක සැබවින්ම ආචාර්ය උපාධියක් ඇත්නම් ඊට අදාළ ලේඛන ජනාධිපතිවරයාට එහි තානාපති නිලධාරීන් ලවා වහාම ලබාගත හැකි බව ද හෙතෙම පෙන්වා දෙයි.

හිටපු ඇමති මර්වින් සිල්වාට තිබූ ආචාර්ය පට්ටම හෝ අශෝක රන්වලට නොමැති බව මෙයින් හැගෙන බවත් එහි ලේඛන ලබා ගැනීමට කල්ගත වන බවට සිදුකරන ප්‍රකාශ කිසිසේත් පිළිගත නොහැකි බවත් ඔහු කියා සිටී.

සයිටම් විශ්වවිද්‍යාලය හොර උපාධි කඩයක් යැයි චෝදනා කරමින් සිදුකළ විරෝධතාවට නායකත්වය දුන් හිටපු කතානායකවරයා අවසානයේ හොර උපාධිකාරයෙකු බවට පත්ව ඇතැයි ද ඔහු පවසන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.

Related posts

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

පාස්කු කොමිසම් වාර්තාව : අමාත්‍ය අනු කමිටු අවසන් වාර්තාව ජනපති අතට

colombotoday

ජනවාරි මාසයේ සිට විදුලි බිල්පත් නොගෙවූ අයගේ විදුලිය විසන්ධි කරයි

colombotoday

” අඛණ්ඩව බොර තෙල් ආනයනය කිරීමට කටයුතු කරනවා “

colombotoday

නව පොලිස්පති DIG වික්‍රමසිංහ ?

colombotoday

ලංගම බස් ධාවනය පළාත් තුල පමණයි. | අන්තර් පළාත් ගමන් වාර අත්හිටවයි.

colombotoday