Colombo Today Local News

ජවිපේ සහ මාලිමාවේ මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස කතානායකට යන්න වුනා

අශෝක රන්වල මහතාට කතානායක ධුරයෙන් ඉවත් වන්නට සිදුවන්නේ ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ අතර වන මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස බව බවත් එහි ජය ජාතික ජන බලවේග පාර්ශවය ලබා ඇති බවත් දේශ හිතෛෂී ජාතක ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

කතානායකවරයා සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදය ගැන ඔහු මාධ්‍ය වෙත මෙසේ කියා සිටියේය.

”මෙතන පැතිකඩ කීපයකින් බැලිය යුතු තත්ත්වයක් තියෙනවා. පළමුවෙන්ම මේ ආණ්ඩුව බලයට ඒමට පෙර පැවති ආණ්ඩු විසින් නිර්මාණය කළ අර්බුද දැන් වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් තුළ විපක්ෂ බලවේග ඊට සාපේක්ෂව ආණ්ඩුවේ විසඳුම් මොනවාද යන සංවාදය ඉහළට ගැනීම වෙනුවට කතානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නය මහා ජාතික ප්‍රශ්නයක් බවට පත් කළා.

ඒ මගින් යම් ප්‍රතිශතයකට ඔවුන් වගකිවයුතු අර්බුද සහ අභියෝග පිළිබඳ සංවාදය යටපත් කිරීමට සහ ඊට ඔවුන් සතුව පිළිතුරු නොමැති බව සැඟවීමට ඔවුන් උත්සාහ කරනවා.

අනෙක් පැත්තෙන් කතානායකතුමාට විරුද්ධව ඊනියා සුදුසුකම් ප්‍රශ්නය පළමුවෙන්ම මතු කරන්නේ සහ සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරය කිරීමට මුල් වන්නේ ඓතිහාසිකව ප්‍රබල ජ.වි.පෙ විරෝධීන ලෙස කටයුතු කළ සහ පසුව ජාතික ජනබලවේගයට රිංගා ගත් නිර්මාල් දේව සිරිලා සහ මහින්ද දේශප්‍රිය වැනි අයයි. කථානායක තනතුර ජවිපෙ අතීත උරුමය මත ශක්තිමත්ව දෙපා තබාගෙන සිටින පුද්ගලයෙකු විසින් දැරීම ඔහුන්ගේ අනාගත සැලසුම්වලට අවුලක් ලෙස සැලකීම පුදුමයට කාරණයක් නොවේ.

මම පුද්ගලිකව ඉතා ගරු කරන පුද්ගලයෙකු වන කතානායකවරයා ජවිපෙ දේශපාලනය තුළ අවංකව කැපවීමෙන් යුක්තව තම වගකීම් ඉටුකළ අයකු ලෙස කැපී පෙනෙන පුද්ගලයෙක්. ඒ නිසාම ජාතික ජන බලවේගයේ යම් පිරිස්වලට ඔහු ඉවත් කර ගැනීමේ උවමනාවක් ඇතිවිය හැකියි.

කතානායකවරයෙකුට ආචාර්ය උපාධියක් තිබිය යුතු යැයි ලෝකයේ කිසිදු රටක සම්මතයක් හෝ සුදුසුකම් පැනවීමක් සිදු කර නැහැ. එතුමා හොර සහතිකයක් ඉදිරිපත් කර නැහැ. නැති වූ සහතිකය නැවත ලබා ගන්න කාලයක් යනවා නම් එම කාලය ඔහුට ලබා නොදී දිගින් දිගටම බලපෑම් කිරීම දුෂ්ට ක්‍රියාවක් වගේම එතුමාගේ ඉල්ලා අස්වීමත් වැරදි පූර්වාදර්ශයක් බවයි, අපගේ කියවා ගැනීම.

අවසාන වශයෙන් ජාතික ජන බලවේගය විසින් දේශපාලන නායකත්වය සඳහා ආචාර්ය උපාධිය හෝ මහාචාර්ය තනතුරු අවශ්‍ය බවට ව්‍යාජ මතයක් ජනගත කළා. ඒ මගින් රට වෙනුවෙන් තම අධ්‍යාපනය (සහතික සඳහා වන අධ්‍යාපනය) කැපකළ එහෙත් දැනුම සහ අත්දැකීම් පවා පුුද්ගලයින්ගේ භූමිකාව අවතක්සේරු කළා”

Related posts

“මා කැමති කලු පාටටයි.. සුදු එක මගේ නෙවෙයි“ – අධ්‍යාපන ඇමති අකිල

colombotoday

ලක්ෂ 4ක ජනතාවක් අපේ FREE WI-FI වලින් ඉන්ටනෙට් එනවා…

colombotoday

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ගත් බව කියන නඩුවේ වරදකරු වූ ඇමති ප්‍රසන්නට අධිකරණය නියම කළ දඬුවම

colombotoday

භාරකාර ආණ්ඩුවකින් මොකුත් කරන්න බෑ

Admin

ප්‍රසිද්ධ පාසලක කසිප්පු පෙරූ අයෙක් මාට්ටු

colombotoday

බුවනෙකබාහු රජතුමා වී ඇත්තේ ලී මඩුවේ චන්දරේගෙ පුතා.. මං ඉන්නතුරු කුරුණෑගල නගරාධිපතිට අතක් තියන්න කිසිවෙකුට ඉඩ දෙන්නෙ නෑ.

colombotoday