Colombo Today Local News

ආචාර්ය මහාචාර්ය තනතුරු වසංගතයක් වෙලා

දේශපාලනයේදී ආචාර්ය මහාචාර්ය තනතුරු භාවිතය දැන් ලෙඩක් තරමට බෝවී ඇතැයි තොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

“මහාචාර්ය තනතුරක් කියන්නෙ යම්කිසි විෂයකට අදාළව තියෙන දෙයක්නෙ. දේශපාලනයෙදී ආචාර්ය, මහාචාර්ය, ඉංජිනේරු, වෛද්‍ය ආදී වශයෙන් තනතුරු නාම දාගන්න එක ලෙඩක් තරමටම බෝවෙලා තියෙනවා. ඒක සමාජය ඇතුළෙ සාකච්ඡා වෙන්න ඕන දෙයක්.

ඒ නිසා මහාචාර්ය තනතුරු අවභාවිත කරනවා. විශ්වවිද්‍යාලවලින් අයින් වුණාට පස්සෙ මහාචාර්ය නාමය පාවිච්චි කරන්න බෑ. සම්මානිත මහාචාර්ය තත්ත්වය හම්බ වෙන අයට විතරයි ඒ නාමය දිගටම පාවිච්චි කරන්න පුළුවන්. මහාචාර්ය තනතුර හිමි වෙන්නෙ විශ්ව විද්‍යාලයේ සේවය කරන තෙක් විතරයි.”

සති අන්ත පුවත්පතක් වෙත මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙම අදහස් පළ කර තිබේ.

Related posts

බහුතරය තිබෙන පැත්තට අපේ සහාය දෙනවා – ඊපීඩීපී

colombotoday

පැමිණිලි 108ක් ලැබී ඇති තාත්තයි-පුතයි, බෑණයි බුර්කාවකින් සැරසී වෙස් වලාගත් දුවලා දෙන්නයි රිමාන්ඩ්

colombotoday

පාම් ඔයිල් ආන­යන සමා­ගම් දෙක­කින් රේගු­වට මිලි­යන 6,000කට වැඩි පොල්ලක්

colombotoday

දේවගැති ජෙරම් CIDයට

Admin

උණුසුම මැද ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණේ

colombotoday

ඊලෝන් මස්ක් පසුකල ජෙෆ් බේසොස්

Admin