ඉන්දීය රජයට අයත් නෞකා තුනක් පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි බව නාවික හමුදාව පැවසීය.
ඉන්දීය නාවික හමුදාවට අයත් සුජාතා සහ ටිර් යුධ නෞකාද වරුණ නෞකාවද එලෙස පැමිණ නෞකා වේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකා පිළිගෙන ඇති අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් අනතුරුව ලබන 19 වැනිදා ඉන්දීය නාවික බලගන රැගත් නෞකා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.