Colombo Today Local News

‍පැය 4-5ක විදුලි කප්පාදුවක්?

ජල විදුලිබලාගාර ආශ්‍රීත ජලාශවල ජලය වාන්දමන සහ රටතුළ ඕනෑ තරම් ගල්අගුරු තිබෙන මේ දිනවල ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගෙන ඇති බවත් ආණ්ඩු මාරුවුවද විදුලිබල මණ්ඩලය තුළ විදුලි මාෆියාව ක්‍රියාත්මක වන බවත් ලංකා විදුලිබල මණ්ඩල තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලයේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව කරුණු දැක්වීම සඳහා කොළඹදී අද පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා එසේ පැවසීය.

පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ උපක්‍රමයක් ලෙස නොරොච්චෝලේ තාප විදුලිබලාගාරයේ එක විදුලි ජනන යන්ත්‍රයක් උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොමැති බවත් එම මණ්ඩලය තුළ දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක විදුලි මාෆියාව නැවතත් හිස ඔසවා ඇති බවත් ඒ මහතා කීය.

විදුලි ගාස්තු ඉහළ යෑමට ද මෙම විදුලි මාෆියාව ප්‍රධාන කරුණක් බවට පත්ව ඇති බව කී නන්දන උදයකුමාර මහතා ජල විදුලියෙන් සහ ගල්අඟුරු භාවිතයෙන් විදුලිය ජනනය කිරීමේ හැකියාව තිබීයදී පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීමේ විශාල නාස්තියක් බව ද සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් එසේ කළහොත් ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු වන විට ඇතිවන වියළි කාලගුණ තත්වයේදී විදුලිය මිලදී ගැනීමට මණ්ඩලයට මුදල් නොමැති වන බවත් එසේ වුවහොත් නැවතත් පැය හතරක් පහක් විදුලිය කැපීමට සිදුවිය හැකි බවත් ඒ මහතා කීය.

– Lankadeepa

Related posts

ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා කඳවුර භූමියට පුහුණු ගුවන් යානයක් කඩා වැටී දෙදෙනෙක් මරුට

Admin

විල්පත්තුවේ මහ දළ ඇතාත් ඉවරයි.. ඇතු මරා දළ කැපූ මුස්ලිම් මව්ලව අත්අඩංගුවට !

colombotoday

පාර්ලිමේන්තු සභා ගැබේ එල්ලා ඇති මහ පහන කඩා වැටේ !

colombotoday

රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මතයි

colombotoday

පොලිස් කොස්තාපල්වරයෙක් සිය ගිනි අවියෙන් දිවිනසාගනී

colombotoday

බොදු බල සේනාවෙන් කුරානය ඉගැන්වීමේ පංති

colombotoday