Colombo Today Local News

ලුණු ආනයනයට අවසර ඉල්ලලා

ලුණු ආනයනයට සමාගම් ආණ්ඩුවෙන් අවසර ඉල්ලා ඇතිබව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ලුණු නිෂ්පාදනය කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයක් පෙන්වාදෙමින් සමාගම් අදාළ යෝජනාවලිය ඉදිරිපත් කර තිබේ.

කර්මාන්ත අමාත්‍යාංශය හා සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර අප කල විමසීමේදී ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී ආර්.එම්.ගුණරත්න මහතා සඳහන් කර සිටියෙ මේ වනවිට ලුණු මෙට්‍රික් ටොන් 12ක සංචිතයක් පවතින බවයි.

එය මාස 02ක කාලයකට ප්‍රමාණවත් බව පැවසීය.

පැවති වර්ෂාධික කාලගුණ තත්ත්වයත් සමග පසුගිය සමයේ ලුණු නිෂ්පාදනය අඩු විය.

ඉදිරියේදී ඇතිවිය හැකි වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ලුණු නිෂ්පාදනයට පවතින අවධානම අවම කිරීම සඳහා ආනයනය කිරීමට ආණ්ඩුවෙන් අවසර ඉල්ලු බව පැවසීය.

Related posts

නියම වෙලාවට උකුසු ගැහිල්ලක් මං ගහනවා !

colombotoday

සියලුම මුස්ලිම් පල්ලි රාමසාන් උත්සව දිනයේ දී වසා තැබිය යුතුයි. | වකූෆ් සභාවෙන් නියෝග.

colombotoday

ගතවූ මාස 6තුළ කෝටි 2100ක විදේශ ආයෝජන ආපහු අරන් ගිහින්

colombotoday

රට අගුළු දමා ඇති කාලසීමාවේදී ගුවන් මෙහෙයුම් අඛණ්ඩව

colombotoday

ඉන්ටවල් ඉවරයි… පාතාලය, මත් ජාවාරම මැඩලීම හමුදාවට අතට…!

colombotoday

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනයට පියවර

colombotoday