Colombo Today Local News

මාධ්‍ය දඩයම වහා නවතනු

ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව කියූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පනත උපයෝගී කර ගෙන භාෂණයේ නිදහස හා පුරවැසි නිදහස අහිමි කරමින් මාධ්‍ය දඩයමක නිරත වීම අසාධාරණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

ආණ්ඩුව මැතිවරණ වේදිකාවල කියූ දේවල් කරන්න කාලය එළැඹ ඇති බවත් එසේ ක්‍රියාත්මක කරන දේවල් ජනතාවට හිතකර නම් විපක්ෂයේ සහයෝගය හිමිවන බවත් රටට සුබවාදී රටටත් ජනතාවටත් වැදගත් වැඩසටහන්වලට පූර්ණ සහයෝගය දෙන බවත් හෙතෙම සඳහන් කරයි.

විශාල ජනවරමක් ලබා ගැනීමට රජයට සමාජ මාධ්‍යයේ සහාය ලැබුණත් මේ මොහොත වන විට ඉවත් කරනවා කියූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දඩයම් කරන බවත් කියන දේ කරන ආණ්ඩුවක් නම් මේ මර්දනය නතර කළ යුතු බවත් ඒ මහතා කීය.

ත්‍රස්ත විරෝධී පනත යටතේ ආණ්ඩුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සිදු කළ නොහැකි බව ගරු විනිසුරුවන් පවා කියා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Related posts

ජයසේන ඉස්කෝලෙ මහතාට කලකට පසු හමු වූ ‘දෙවන මනමාලයා‘

colombotoday

අයවැය ප්‍රකාශය : ඌව වෙල්ලස්ස විශ්ව විශ්වවිද්‍යාලය යටතේ වෛද්‍ය පීඨයක් ඇරඹීමට රුපියල් මිලියන 200ක්

Admin

සිරසට සහ මරික්කාර්ට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ?

colombotoday

බුරවිගේ බලපෑමෙන් යාපනයේ 1589 ක් පීඩාවට – නිවාස 156 කට හානි.

colombotoday

කොමදෝරු දසනායක ඇතුළු හයක් ඇපමත නිදහස් කෙරේ..

colombotoday

නවක වදයට විසදුම් සොයමින් පේරාදෙණිය සරසවියෙන් නායකත්ව පුහුණු පාඨමාලා ඇරඹෙයි…

colombotoday