ජාතික ජන බලවේග ආණ්ඩුව පැමිණ පොල් ගසක් හිටවීමට හෝ කන්නයක් අස්වැද්දීමට කාලයක් ගත වූයේ නැති බව ජාතික ජන බලවේග කොලඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා සඳහන් කරයි.
එනිසා ජනතාවට ඊළග කන්නය එන තෙක් රටින් හෝ ගෙනැවිත් ජනතාවට කෑම දෙන බවද හෙතෙම පැවසුවේය.
මේ වන විට ගැට ගසන ලද ඉන්ධන ප්‍රශ්නය මිල සූත්‍රය අනුව අඩුවීම වැඩිවීම සිදුවන බවද හෙතෙම පෙන්වා දෙයි.
ඒ පසුගිය කාලයේ හිටපු තෙල් ඇමතිවරයා එළඹුණු ගිවිසුම් වල ප්‍රතිඵල බවද හෙතෙම පවසයි.
ඉන්ධන ගෙන්වන සමාගම් සමග එකඟවන ලද ගිවිසුම් සමාලෝචනය කර ගැනීමටවත් කාලයක් ගත නොවූ බවද හෙතෙම කියා සිටියි.
ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.