Colombo Today Local News

මේ ආණ්ඩුව කපේකට වැටෙන්නේ නෑ

ඉතා දුක් විඳිමින් ලබාගත් මේ ආණ්ඩුව කපේකට පෙරළා දැමීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

සිදුහත් කුමරු උපන් හැටියේ ඇවිදින්නට හැකියාව තිබුණත් අනුර ජනාධිපතිතුමන්ට එවන් හැකියාව නැති බවද පැවසූ ඔහු වසර හැත්තෑ හයක් තිස්සේ විනාශ කර බංකොලොත් කල රටක් දින දෙක තුනකින් ගොඩ දැමිය නොහැකි බවද පැවසුවේය.

බදුල්ල ප‍්‍රදේශයේදී ජන හමුවක් අමතමින් ඔහු මෙසේ අදහස් පල කලේය.

‘වංචා දූෂණ නවත්වනවා. අනිවාර්යයෙන්ම අපි රට තැනකට අරගෙන එනවා. ආපහු අපේ දරු පරම්පරාවට දුක් විඳින්නෙ නැති රටක් හදලා දෙන්න ඕනෙ. අනිවාර්යයෙන්ම අපි මේ රට හදනවා.

මේ ආණ්ඩුව ආයෙ කපේකට පෙරළන්න පුළුවන් විදියට අපි ඉඩ තියන්නෙ නෑ කියන කාරණය මම ඔබ තමුන්නාසෙලාට මතක් කරන්න කැමතියි.

ඉතාම දුක් විඳලා විඳලා කට්ට කාලා 3% ඉඳලා අතාරින්නෙ නැතිව හදාගත්ත ආණ්ඩුව අතාරියි කියලාද හිතන්නෙ.. මේක අතාරින්නෙ නෑ’

Related posts

විදුලි අර්බුදය දින දහයකින් නිමයි…

colombotoday

අඩු මිලට ජලය දෙන නිසා ජනතාව වැඩියෙන් ගන්නවා

colombotoday

“ප්‍රතිලාභ ලැබුවත් දක්ෂිණ අධිවේගය නඩත්තු කරගන්නවත් මේ රජයට බෑ” – නාමල්

colombotoday

‘කෑම බෙදන්න මම එනකං ඉන්න‘ – ආපදාවට ලක්වූ ජනතාව බඩගින්නේ තබා ගුවනින් ගිය ඇමති !

colombotoday

එස්.බී. කරණමකට සැරසෙයි… ප්‍රබලයෙකු සමග සාකච්ඡා !

colombotoday

එස්.බී දිසානායකට අල්සයිමා ලෙඩේ හැදිලා

colombotoday