Colombo Today Local News

අපි පාර්ලිමේන්තුවෙන් කෑම නොකන බවක් කිවුවේ නෑ

ජාතික ජන බලවේගය මන්ත්‍රීවරුන් කිසිම දිනක පාර්ලිමේන්තු කැන්ටිමෙන් ආහාර ලබා නොගන්නා බව පවසා නැතැයි ඇමැති බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ ආහාර වේල්ද ලබා දිය යුත්තේ සාමාන්‍ය වෙළඳපොළේ පවතින මිල ගණන් යටතේ බව තමන් පාර්ලිමේන්තුව පැමිණි පලමු දිනයේ සිටම ප්‍රකාශ කර ඇති බවයි.

තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ආහාර නොගන්නා බවත් නිල නිවාස නොගන්නා බවත් ප්‍රකාශ කර ඇති බවට ඇතැම් පිරිස් ඒත්තු ගැන්වීමට උත්සාහ කරන බවටත් ඔහු කියා සිටියේය.

මැති ඇමතිවරුන්ට තම නිවෙසින් ආහාර ගෙන ඒම ක්‍රිසිසේත්ම කළ නොහැකි බවද පැවසූ ඔහු ලෝකයේ සෑම රටකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් කාර්ය මණ්ඩලයටත් ආහාර ලබා දෙන බවත් තම පක්‍ෂය පවසන්නේ සාමාන්‍ය පවතින මිලට එම ආහාරයේ ලබා දිය යුතු බවත් යැයි අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේය.

Related posts

ඉවසලා ඉවසලා බැරිම තැන මඩකලපුව මංගලාරාමාධිපති හිමියෝ නැවතත් හඩ අවදි කරයි !

colombotoday

නේමිගේ වැවේ ගිලී පාසල් සිසුවෙක් මරුට

Admin

දිවයින පුරා රෝහල් වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි

Admin

ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් හොරකමක් | දැඩි සත්කාර ඒකකයේ සෞඛ්‍ය කාර්යය සහායකයකු අත්අඩංගුවට

colombotoday

මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම හොරු රැළක් යටතට !

colombotoday

රනිල්, අකිල ජනපති නියෝගයට උඩින් යයි.. පාසල් සිසුන්ට ටැබ් ලබා දීම ස්ථීරයි

colombotoday