Colombo Today Local News

ආණ්ඩුව පරිණත නෑ අපිටත් මුහුණ දෙන්න බෑ

මහවිරු සැමරුම් ප්‍රවර්ධනය කිරීමේ යයි සමාජ ජාල ක‍්‍රියාකාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම මගින් සමාජ මාධ්‍ය පාලය කිරීමේ ආණ්ඩුවේ දේශපාලන සුජාතභාවය විනාශ කර ගැනීම ආරම්භය කර ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

ආණ්ඩුව අභියෝග සඳහා මුහුණ දීමේ දී කිසිදු පරිණතභාවයක් පිළිබිඹු නොකරන බවත් මෙවැනි ක්‍රියාවල ප්‍රතිඵලය ආණ්ඩුවට පමණක් නොව ආණ්ඩුව පත්කිරීම සඳහා පෙනී සිටි අයට ද භුක්ති විඳීමට සිදුවන බවත් ඒ මහතා කියා සිටී.

කිසිවෙකු අත්අඩංගුවට ගෙන අසත්‍ය ප්‍රචාර පාලනය කිරීමට හැකි යැයි සිතීම මෙන් ම අසත්‍ය ප්‍රචාරය සඳහා ජනයා රැවටේ යැයි සිතීම ද වැරදි බව පවසන ඒ මහතා වර්තමාන ආණ්ඩුවට ජනතාව අතිවිශාල බලයක් ලබා දුන්නේ ද මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුවන කාලයක බවත් පෙන්වා දෙයි.

වර්තමාන ආණ්ඩුවට වඩා ස්ථාවර ජනප්‍රියත්වයක් තිබූ රාජපක්ෂ ආණ්ඩුවේ විනාශයට ද මෙවැනි රාජ්‍ය මර්දන ක්‍රියා බලපෑ බව මහාචාර්ය දේවසිරි අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් කියා සිටී.

Related posts

වොක්ස්වැගන් ලංකාවට නොඑන බව නිළ වශයෙන් දන්වයි.. “ලාබෙට කාර්” යහපාලන සිහිනය සුන් !

colombotoday

දේවගැති ජෙරම් යළි රිමාන්ඩ්

Admin

සජිත්ගේ අපේක්ෂකත්වයට කොන්දේසි 10ක්?

colombotoday

කටුනායක ඇගළුම් කම්හලක තවත් සේවකයින් 11 කට කොරෝනා

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි නිශාරා ජයරත්නගේ තනතුර අහෝසියි

colombotoday

ඇල්ලේ හෝටලයක් හදන්න වනාන්තරයක් ඩෝසර් කරලා

colombotoday