Colombo Today Local News

වැටුප් ගන්නෑ කියා අපි කාටවත් පොරොන්දු දීලා නෑ-මාලිමා මන්ත්‍රිනී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් කප්පාදු කරන බවට තම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් සඳහන් කර නොමැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හෙමචන්ද‍්‍ර මහත්මිය සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව නිශ්චිත කරුණු තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත් කර ඇති බවද ඇය කියා සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද සිටින බවත් ඔවුන්ගේ වැටුප් කපා හරින්නේ යැයි තමන්ට කිව නොහැකි බවත් ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත් ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන්ගේ වැටුප පොදු අරමුදලට බැර වන අතර එමඟින් තමනට ප‍්‍රමාණවත් දීමනාවක් ලැබෙනු ඇති බවද ඇය පැවසුවේ දෙරණ නාලිකාවේ පැවති වැඩසටහනට එක්වෙමිනි.

Related posts

ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස උපරිමයි.. “ඔබට සතුටුයිද දැන්” – මරික්කාර් අසයි

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

colombotoday

මාස හයක් සදහා පෞද්ගලික සමාගම් තුනකින් විදුලිය මිළදී ගැනීමට තීරණය කරයි…

colombotoday

එළඹෙන සිකුරාදා සිටි අවුරුදු 12න් ඉහළ දරුවන් එන්නත්කරණය අරඹෙයි

colombotoday

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

colombotoday

අපරාධ සම්බන්ධ ලිපි ගොනු 23,745ක කටයුතු අවසන් -නීතිපති

colombotoday