Colombo Today Local News

රනිල්ගේ කාලෙවත් කොටි මෙහෙම සැමරුවේ නෑ

ඊළාම් යුද්ධයට පසු උතුරේ මහවිරු සතිය වඩාත් උත්කර්ෂවත් ලෙස පවත්වන්නේ මෙවර මාලිමාණ්ඩුව යටතේ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

රනිල් වික්‍රමසිංහ යුගයේවත් නොවූ ආකාරයට සියලු මාර්ග කොටි කොඩිවලින් සරසා නියඟලා මලින් ස්මාරක තනා පොඩි දරුවන් පවා එම උත්සව සඳහා යොදා ගෙන ඇති බවට ද ඔහු චෝදනා කරයි.

ලංකාව ඇතුළු රටවල් ගණනාවක තහනම් සංවිධානයක සංකේත, කොඩි ප්‍රදර්ශනය කරමින් මහවිරු සැමරුම් කරන්නේ නම් ජනාධිපතිවරයා රාජාසන කතාවේ දී ප්‍රකාශ කළ නීතියේ ආධිපත්‍යය කොහිදැයි විමල් වීරවංශ ප්‍රශ්න කරයි.

කිසිවෙකු එය මියගිය ඥාතීන් සැමරීමකට ලඝු කළ හැකි වුව ද ඒ සඳහා කොටි කොඩි නියඟලා මල් අවශ්‍ය නැති බව ද ඔහු පෙන්වා දෙයි.

Related posts

ඇමරිකාව නැතිව ලංකාවට දියුණු වෙන්න බෑමයි.. අපේ මිතුදමට අකුල් හෙලනු එපා – නි. ඇමති හර්ෂ

colombotoday

ගුරුවරු කියන්නේ අදටත් පාරෙ දැක්කත් දෙපා නැමද නමස්කාරය කරන පිරිසක් – ඇමති සරත් වීරසේකර

colombotoday

ආයුධ පෙන්වීමට ගිය මාකඳුරේ මදුෂ් වෙඩි කා නසී

colombotoday

ගම්මන්පිලට එරෙහි සමගි ජන බලවේගයේ විශ්වාසභංගය හෙට කථානායකවරයාට

colombotoday

බිලියන 16ක රජයට පාඩුවක්.. රේගු ඉතිහාසයේ දැවැන්තම වංචාව ගැන පරීක්ෂණ යළි ඇරඹෙයි

colombotoday

භූමදානයම කලයුතුයි කියා කුරානයේ කොහේවත් නෑ

colombotoday