Colombo Today Local News

මට කොටියා කියලා ගහන එකට හරිම දුකයි

10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේ දී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රාමනාදන් එම සිදුවීම සම්බන්ධව සමාව අයැද සිටියේය.

“මම ඇහුවා මම කොතනද වාඩි වෙන්න ඕන කියලා. එතකොට කිව්වා අනිත් පැත්තට ගිහින් වාඩි වෙන්න කිසි අවුලක් නෑ ඩොක්ටර් ඕන තැනක වාඩි වෙන්න පුළුවන් කියලා. එතකොට අපි ඉස්සරහට ගිහින් වාඩි වුණා. අපි කැම්පස් ගිහින් පුරුදුයි. අපි අත උස්සලා පාර්ලිමේන්තුවට ආවේ නෑ. මම හිතුවා මට ඕන තැනක ගිහින් වාඩි වෙන්න පුළුවන් කියලා.

එතකොට මට හතරදෙනෙක් ඇවිල්ලා කතා කළා. මට ඇවිල්ලා කිව්වේ මේක විපක්ෂ නායකවරයා හැමදාම වාඩිවෙන පුටුව කියලා. එතකොට මම හිතුවා අනිත් පුටුවක වාඩි වෙන්න පුළුවන් කියලා. මට කිසි හේතුවක් නෑ 8 වැනි පුටුවේ ගිහින් වාඩි වෙන්න.

මට මාර දුකයි මම කොටියා කියලා හැම මීඩියාවලටම දාලා තියෙනවා කොටියෙක් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා විපක්ෂ නායකගේ පුටුවේ කියලා. මෙහෙම අපි හිතාමතාම ගිහින් වාඩිවෙලා නෑ. මට ගෘෘප් එකක් නෑ මම ස්වාධීනව ආවා. එතකොට මම දන්නේ නෑ කොතනද වාඩිවෙන්නේ, කොහොමද යන්නේ කියලා.”

Related posts

ජේෂ්ඨ පුරවැසි පොලිය පහළට

Admin

හෙරොයින් කිලෝ 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

මගධයේ ධනානන්ද රජතුමා නැවත ඉපදිලා.. දැන් නම සිරිසේනද? රනිල්ද?

colombotoday

හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

UPDATE: සිංහල රාවයේ, රාවණ බලයේ නායක හිමිවරු යළි සිපිරිගෙට!

colombotoday

මහින්දානන්දගෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් ප‍්‍රශ්ණ කරයි

colombotoday