රට පුරා ප්‍රදේශ කිහිපයක ලාෆ් ගෑස් සැපයුම සීමා සහිතවීම පිළිබඳව ජනාධිපති අනුර දිසානායක මහතාගේ අවධානය යොමු තිබේ.
ඒ අනුව ප‍්‍රමුඛතා පදනම මත ගෘහස්ථ ගෑස් සැපයුමක් සහතික කරන ලෙස ජනාධිපතිවරයා විසින් එම සමාගමට උපදෙස් ලබා දී ඇත.
දින කිහිපයක් තිස්සේ වෙළඳපොලේ පවතින ලාෆ් ගෑස් හිගය හේතුවෙන් මෙම උපදෙස් ලබා දී තිබේ.
මේ අතර ලාෆ් ගෑස් සමාගම සඳහන් කරන්නේ ඉදිරියේදී අඛණ්ඩව ගෑස් සැපයුමක් සහතික කළ හැකි බවය.