Colombo Today Local News

නාගදීප බුද්ධ ප්‍රතිමාව එපා කියන යෝජනාව උතුරු සභාවට ඉදිරිපත් කෙරේ

nagadeepa 213232

ඓතිහාසික නාගදීප රාජ මහා විහාරයේ ඉදි කිරීමට නියමිත නව බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීමට එරෙහිව යෝජනාවක් අද උතුරු පළාත් සභාවට ඉදිරිපත්කෙරී ඇත.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී වින්දන් කනගරත්නම් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, අදාළ ප්‍රතිමාව ඉදිකිරීම වහාම නතර කරන ලෙසට උතුරු පළාත් සභා‍වේ ප්‍රධාන අමාත්‍යවරයා මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුතු බවට එම යෝජනාවේ සදහන්ව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම යෝජනාවෙන් ජාතිවාදී ගැටළු ඇතිවිය හැකි බව පවසමින් උතුරු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරුන් පිරිසක් එයට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති අතර ඒ හේතුවෙන් යෝජනාව සම්බන්ධයෙන් විවාදයක්ද සිදු කෙරී නැති බවයි වාර්තා වන්නේ.

Related posts

ඇමෙරිකාවෙන් ‌රු. කෝටි 8000ක පරිත්‍යාගයක්

colombotoday

මංගලගේ මිල සූත්‍රය මළ සූත්‍රයක් වගෙයි…

colombotoday

ලංගම රියදුරු-කොන්දොස්තර නිවාඩු අද සිට අවලංගුයි

colombotoday

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට ගිය තවත් කාන්තාවෝ 15ක් මරාගෙන මැරෙන්න ප්‍රතිඥා දුන් බව හෙළිවෙයි

colombotoday

සිතුසේ ගෙන්නපු සතොසේ ටොන් 70,000ක සහල් මගඩිය…

colombotoday

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 24 ක අගරු චෙක්පත්

colombotoday