Colombo Today Local News

ආර්ථිකය විතරක් ගොඩ දාලා ඵලක් නෑ

ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සංස්කෘතික ජීවිතය උදාර සංස්කෘතික ජීවිතයක් දක්වා ඔසවා තැබීමට තම රජයට හැකි වෙතැයි විශ්වාසයක් පවතින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි.

“බිඳ වැටුණු ආර්ථිකය, භෞතික ජීවිතය තරමක් ඉක්මනින් හෝ පසුවී අපේ රජයට ගොඩගන්න වර්ධනය කරන්න ස්ථාවර කරන්න පුළුවන් වේවි. අපේ මුළු මහත් ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලුම ප්‍රජාවගේ ජීවිතය සංස්කෘතික වශයෙන් බෙහෙවින් අගාධයකට ඇද වැටිලා තිබෙනවා, ඇද දමලා තිබෙනවා. ඇද වැටෙන හැටි බලන් ඉඳලා තිබෙනවා.

ඒ නිසා මං හිතන්නෙ මට ලොකුම බලාපොරොත්තුවක්, ලොකුම විශ්වාසයක් තිබෙනවා මුළු මහත් ශ්‍රී ලාංකික ප්‍රජාවගේම සංස්කෘතික ජීවිතය උදාර සංස්කෘතික ජීවිතයක් දක්වා ඔසවා තබන්න අපට හැකිවේවි කියලා. මේ ආර්ථිකය විතරක් ගොඩනඟාගෙන ඵලක් නෑ කියන එක තමයි මගේ වැටහීම. ඉතින් මේ මහත් කාර්යයට විශාල සහයෝගයක් වුවමනා වෙනවා.”

Related posts

මසක් තුළ සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් දිවයිනට

colombotoday

කරාපිටිය රෝහලේ වකුගඩු සැත්කම් නැවතිලා… රෝගීන් දැඩි අසීරුවට පත්වෙයි

colombotoday

තොන්ඩමන් ඉල්ලා අස්වෙයි !

colombotoday

ග්‍රාම නිලධාරිනියකගේ සැමියා ඝාතනය කිරීමේ සිද්ධියකට යුද හමුදා කෝප්‍රල්වරයෙක් අත්අඩංගුවට

colombotoday

සමන්කුලමේ විහාර බිමක බලහත්කාරයෙන් කෝවිලක් හදයි.. පරික්ෂාවට ගිය පුරාවිද්‍යා නිලධාරීන්ට පහරදී එළවයි…

colombotoday

දෙමළ ජනතාව සතු උතුරේ අක්කර 100ක් නිදහස් කරයි

Admin