Colombo Today Local News

පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට කන්න දෙන්නේ කැකිරි පිපිඤ්ඤා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉතා සුඛෝපභෝගී තරු පහේ හෝටලයක වැනි ආහාර වේලක් ලබා දෙන්නේය යනුවෙන් සමාජයෙහි පැතිර ඇති මතය සම්පූර්ණයෙන්ම අසත්‍යය බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි.

“පාර්ලිමේන්තුවේ ආහාර වේල් ගැන සමාජගත වෙලා තියෙන හැම තොරතුරක්ම ඇත්ත ඒවා නෙවෙයි. ඒ කියන්නෙ මේ බොහෝම සුඛෝපභෝගී තරු පහේ හෝටලයක වගේ ආහාර වේලක් මේ සියලු දෙනාම ලබාගන්නවා කියලා හිතනවා නම් ඒක ඉතාම වැරදි මතයක්.

විශේෂයෙන්ම මට ඉතාම නිර්භයව කියන්න පුළුවන් මේ කෝවිඩ් තත්ත්වයත් එක්කම අපි ඒ වෙනතෙක් තිබුණු සරල රටාවටත් වඩා සරල රටාවකට හුරු වුණා. බොහෝ දේවල් නැතිව සාමාන්‍ය ආහාර වේලක් තමයි මේ මන්ත්‍රීවරුන්ට ලබලා දෙන්නේ. අපි ගෙවල්වල කනවා වගේ කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා වගේ එළවලුත් එක්ක මස් හෝ මාළු සමග ආහාර වේලක් ලබාදෙන්නෙ.

ඒ වගේම මේ වියදම ගණනය කිරීමේදීත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නෙ පාර්ලිමේන්තුවේ මුළු වියදම කිව්වාම මේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය සඳහා දායක වෙන දෙපාර්තමේන්තු 09ක් පාර්ලිමේන්තුවේ තියෙනවා. කාර්ය මණ්ඩලය 950ක් පමණ සිටිනවා. ඒ වගේම පොලිස් නිලධාරීන් 300 – 400 ක් පමණ ඉන්නවා. ඊට අමතරව ජනාධිපතිතුමා වැනි විශේෂ අමුත්තන් සහභාගී වෙනවා නම් ඒ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ඒ දවස්වලට එනවා.

ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන වෙනම ඒකක තිබෙනවා. ඒ හැරුණාම රජයේ ආයතනවලින් නිලධාරීන් විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට එනවා. රැස්වීම් දිනයක, කාර්යබහුල දිනයක 3000ක් පමණ පිරිසක් ඉන්නවා. නමුත් මේ අයට පාර්ලිමේන්තුවේ වියදමින් කන්න දෙනවා කියන කතන්දරයත් මම කැමතියි ප්‍රතික්ෂේප කරන්න.

විශේෂයෙන් රජයේ නිලධාරීන්ට ඒ ඒ අමාත්‍යාංශවලින් තමයි – පාර්ලිමේන්තුව තියෙන්නෙ දියවන්නාවෙන් වටවුණු තැනක. මෙතන ඇතුළට ආවාට පස්සෙ ඒ අයට පිටට ගිහින් කන්න විදියක් නෑ වැඩ ඔක්කොම නවත්තලා. මම මේ කියන්නෙ ජනතාව සාමාන්‍ය අහන්නට කැමති නැති දේවල් ටිකක් – එතකොට මේ සියලු වියදම්, විදුලිය, ජලය, මේ සේරම එකතු කරලා 225න් බෙදන එක වැරදියි. දැන් මන්ත්‍රීවරුන්ට එල්ල කරන මේ චෝදනාවෙදී අපි නිලධාරීන් වශයෙන් කියා සිටිනවා ඇත්ත වශයෙන්ම ඒ චෝදනාව නම් වැරදියි කියන එක.”

Related posts

බල්ලන්ට ඇද්ද විදුලි රැහැනේ පැටලී පුද්ගලයෙක් මරුට

Admin

අප්‍රේල් 18 තෙක් මදුෂ් ලංකාවට පිටුවහල් කරන්නේ නෑ

colombotoday

කෙරවලපිටිය බලාගාරයට නැප්තා ලීටර් ලක්‍ෂ 10 ක්

colombotoday

ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් හොරකමක් | දැඩි සත්කාර ඒකකයේ සෞඛ්‍ය කාර්යය සහායකයකු අත්අඩංගුවට

colombotoday

හරක් කටා ඉවාටෝ ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට

Admin

මම අගමැතිට විරුද්ධව ඡන්දය දෙනවා.. එජාපයේ පිරිසකුත් සූදානම් – රතන හිමි කියති

colombotoday