Colombo Today Local News

සංචාරක වීසා අරන් ඇවිත් ලංකාවේ කුලී වැඩකළ ඉන්දියානු මැලේරියා රෝගියා පිටුවහල් !

patientg3

මැ‍ලේරියා රෝගය වැළඳී නුවරඑළිය මහ රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටි ඉන්දීය ජාතිකයෙකු වහාම ලංකාවෙන් පිටුවහල් කිරීමට කොළඹ ආගමන විගමන නිලධාරීන් කටයුතු කළහ. සංචාරක වීසා මත මෙරටට පැමිණ වීසා කාලය ඉකුත් වී තිබියදී ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටීම නිසා මෙසේ මොහුව පිටුවහල් කිරීමට පියවර ගෙන ඇත.

අනිල් කුමාර් නැමැති ඉන්දීය ජාතිකයාට මෙසේ මැ‍ලේරියා රෝගය වැලදී තිබිණි. ඔහු අනවසරයෙන් මෙරට රැඳී සිටිමින් නුවරඑළිය මහගස්තොට ප්‍රදේශයෙන් ගොඩනැගිලි වැඩ‍පොළක කුලී වැඩ කරමින් සිට ඇත. ඔහුත් සමග තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් සිට ඇති අතර ඔවුන්ව ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රෝගීව සිටි මෙම ඉන්දියන් ජාතිකයාට හාවාඑළිය පදිංචි චන්ද්‍රමෝහන් නමැති ත්‍රිරෝද රථ රියැදුරු නගරයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා උදව් උපකාර කර ඇත. එහි සිටි වෛද්‍යවරයා ඔහු පරීක්ෂා කිරීමෙන් අනතුරුව නුවරඑළිය මූලික රෝහලට ගොස් ඇතුළත් කරන ලෙස ද දන්වා තිබේ. රෝගියා රෝහලට ඇතුළත් කිරීමට ‍ලේඛන ගත කිරීමේදී භාරකරුවෙකු අවශ්‍ය බව කී විට ත්‍රිරෝද රථ රියැදුරු විසින් භාරකරු ලෙස ඔහුගේ නම සහ ලිපිනය මෙන්ම දුරකථන අංකය ද ලබා දී ඇති බව සඳහන් වේ.

මැ‍ලේරියා රෝගය මේ වන විට ලංකාවෙන් සම්පූර්ණයෙන් තුරන් කොට ඇති බෝවන රෝගයක් නිසා මෙම රෝගය හඳුනාගත් සැණින් අදාළ අංශවලට දැනුම් දුන් පසු රෝගියා වහාම ලංකාවෙන් පිටුවහල් කිරීම සඳහා ඉකුත් 6 වෙනි දින කොළඹ ආගමන විගමන නිලධාරීන් පැමිණ රෝගියා රැගෙන ගිය බව නුවරඑළිය මහ රෝහ‍ලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවැසීය.

Related posts

ගෙදර ජල ටැංකියෙන් 2KW විදුලිය නිපදවන්න ලංකාවේ තරුණයෙක් සොයාගනී…

colombotoday

ඇමතිලා බේරිලා ජනතාව බිල්ලට දුන්නා – සර්වාගමික නායකයන්ගෙන් ප්‍රබල චෝදනාවක්…

colombotoday

මැතිවරණ නිරීක්ෂකයෝ, පක්ෂ ලේකම්වරු කොමිසමට කැදවයි

Admin

වසර 2500ක බොදු උරුමයක් ඇති රටක ඉපදීමට ලැබීම අප ලද භාග්‍යයක් – අගරදගුරුතුමන්ගේ වෙසක් සුබ පැතුම

colombotoday

රන්ජන්ගේ කොකේන් චෝදනා ඔප්පු කරන්න බෑ – එජාප කමිටුව තීරණය කරයි

colombotoday

69 ලක්‍ෂකට අද ටේප් පටි අරන් පොල් ගන්න යන්න වෙලා.. බොහෝ වියත් ආකාරයෙන් ජනතාවට සලකන බව පේනවා..

colombotoday