Colombo Today Local News

කාළගුණයට සයිබර් ප්‍රහාරයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ.

දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය ඔස්සේ පහසුකම් ලබාගනිමින් කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ක්‍රියාත්මක වන්නේය. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩිවියේ ගැටලු තත්ත්වය සම්බන්ධයෙන් එම ආයතනය දැනුවත් කිරීමට ඉකුත් සිකුරාදා (08 වැනිදා) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි. නමුත්, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සියෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවද පැවැසේ. එම ආයතනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත්තේ වෙබ් අඩවියේ කටයුතු සකස් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළයුතු බවය.

නමුත්, මෙම අවස්ථාවේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නොහැකි බැවින්, දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය පැවැති තත්ත්වයෙන්ම සකස් කරදෙන ලෙසට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සියට දැනුම්දී ඇත.

දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට එල්ල වන ලද සයිබර් ප්‍රහාරය හෝ වෙනත් බරපතළ ගැටලු සම්බන්ධයෙන් පියවර ගතහැකි එකම ආයතනය වන්නේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය වේ.

මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය පෙරේදා (11 වැනිදා) දිනයේදී ක්‍රියාත්මක නොවීය.

මේ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් සඳහන් කර සිටියේ මෙය සයිබර් ප්‍රහාරයක් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කෙරෙන බවත්, ඊයේ (12 වැනිදා) දිනය තුළදී එය යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරමින් පැවැති බවත්ය.

Related posts

මෝල්ගසකින් පහරදී පියා ඝාතනය කල 22 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට

colombotoday

වී මිලදී ගන්න ප්‍රමාණවත් මුදල් ලැබී නැහැ.

colombotoday

විගණකාධිපතිගෙන් තද ප්‍රකාශයක්.. “ෆුට් නෝට්“සෙට් එක හාන්සියි.. කටඋත්තර නැතිවෙන ප්‍රශ්න තුනක් අසයි

colombotoday

IOC ඩීසල් පෙට්‍රල් මිල ඉහළ දමයි

colombotoday

පන්තියක උපරිම සිසුන් ගණන 15යි – සඳුදා සිට පාසල් පවත්වන්නේ මෙලෙසයි

colombotoday

බදුර්දීන්ට පක්ෂව මාධ්‍ය සාකච්ඡා පවත්වා ගැනීමට වන්නියේ පන්සල් පුරා ඇවිදිති

colombotoday