Colombo Today Local News

මෙන්න අලුත්ම ජීවන වියදම

පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන අවම මුදල පසුගිය සැප්තැම්බර් මාසයේ දී රු.16,073 ක් දක්වා අඩු වී ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2024 සැප්තැම්බර් මාසය සඳහා වන අලුත්ම නිල දරිද්‍රතා රේඛා සටහනෙහි මේ බව දැක්වෙයි.

එ අනුව පෙර මාසයේ එනම් 2024 අගෝස්තු මාසයේදී මෙම අගය රු. 16,152 ක් ලෙසින් වාර්තා විය.

දරිද්‍රතා රේඛා සටහන දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රකාශයට පත් කෙරෙන අතර ඊට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයකුට රු. 17,335 ක් සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය වනු ඇත. මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය රු. 15,369කින් සිය මූලික අවශ්‍යතා සපුරාගත හැකිය.

Related posts

පොහොර මිටිය 350ට දියව් ! ගොවීන් ඇමති දුමින්දගේ නිවස වටලා උද්ඝෝෂණයේ

colombotoday

සිදුවිය හැකි ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීමට සැලසුම් රැසක්

colombotoday

උපවාස කළ කොටි සැකකරුවන් පිරිසකට අසාධ්‍යයි, නිදහස් නොකළොත් දිවි නහගන්නා බව තවත් පිරිසක් කියයි.

colombotoday

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

colombotoday

විනිසුරුවරුන්ගේ සංගමයෙන් ජනපතිට ප්‍රබල චෝදනාවක් !!

colombotoday

රිෂාඩ්ගේ නිවසේ ගිනි ඇවිලුණු දැරියගේ සොහොනට දැඩි පොලිස් ආරක්ෂාවක්.

colombotoday