Colombo Today Local News

හමුදාවට ඉඩම් නොදෙනු ! කියා TNA මන්ත්‍රීන් යාපනය දිසාපතිව කාර්යාලයේ හිර කරයි

යාපනය දිස්ත්‍රික්කයේ මානිප්පායි, ආනෙක්කොඩ්ඩෙයි, කුලාවඩි යන ප්‍රදේශවල ඉඩම් ආරක්ෂක අංශ වෙත පවරා ගැනීමේ සූදානමක් ඇතැයි කියමින් ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීන් පිරිසක් යාපනය දිසාපතිවරයා කාර්යාලය තුළ සිර කරමින් ඊයේ විරෝධතාවක නිරතවූහ.

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු මන්ත්‍රී පිරිස පෙත්සමක් භාරදීමෙන් අනතුරුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ කාර්යාලයේ දොරටුව වසා ඒ ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව හේතුවෙන් දිසාපතිවරයාට කාර්යාලයේ පිටුපස දොරටුවෙන් පිටවීමට සිදුවිය.

දිසාපති වරයාගේ දොරටුව වසා විසඳුමක් ලැබෙන තුරු ඉවත් නොවන බව පවසා එහි ඉදිරිපිට හිඳගැනීමෙන් පසුව අදාල ස්ථානයට පැමිණි යාපනය පොලීසිය හා එහි සිටි දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රී වරුන් අතර උණූසුම් තත්ත්වයක් හට ගත් අතර ඉන් පසුව ඉන් පිරිසකට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා හමුවීමට අවස්ථාව ලැබිණි.

අදාළ බලධාරීන් දැනුම්වත් කරන බවට දිසාපති පොරොන්දු වීමෙන් පසු විරෝධතාව අවසන් විය.

Related posts

විජයදාස ඉවත් කරන්න – අගමැති ජනපතිට දන්වයි.. තීරණය ජනපති අතේ !

colombotoday

මහින්ද එලවා දැමූ නිසා හොදට ගියා.. ජාතිවාදයට දැන් ඉඩ ඇත්තේම නෑ – හෙළ උරුම සම සභාපති කරූ

colombotoday

මිලියනයක් එනවා කී ගෝල්ෆේස් උද්ඝෝෂණයට දසදහසකට ආසන්න ප්‍රමාණයක්.

colombotoday

රට ලස්සන කරන්න චිත්‍ර අදින තරුණයන්ට ජනපතිගෙන් පැසසුම් !

colombotoday

එන්නත එපා කී රතන හිමි යුධ හමුදා රෝහලට ගොස් එන්නත ලබාගෙන

colombotoday

මේ රට ගොඩනැගිය හැක්කේ හොරකම් නොකරන ජවිපෙ අපට පමණයි…

colombotoday