Colombo Today Local News

බුරම්පි මාමා අන්දනවා වගේ අයි.එම්.එෆ් අන්දන්න බෑ

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස සිටියේ නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීලග ණය වාරිකය මේ වන විට ලැබී අවසන් බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ කල් ගිය අයවැය සහ වත්මන් රජය මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කිරීම හේතුවෙන් එම වාරිකය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි.

‘අයිඑම්එෆ් ණය වාරිකය ලබන සතියේ ගෙවෙන්නේ නැහැ. නමුත් එහි නියෝජිතයින් පිරිසක් ලබන සතියේ ලංකාවට පැමිණීමට නියමිතයි.

අයිඑම්එෆ් එකට ප්‍රශ්නයක් තිබෙනවා බදු අඩු කල විට රටේ අයවැය හිඟය පියවන්නේ කෙසේද කියා. අයවැයෙන් පස්සේ සහන දෙනවා කිවුවා බදු අඩු කරනවා කිව්වා.

අවාසනාවකට මේ අය වාරික පැත්තකින් තියලා මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් තීන්දු තීරණ ගත්තේ.
ඒකයි අයවැය ඉදිරිපත් නොකර මැතිවරණය පැවැත්වුණේ.

ගමේ බුරම්පි මාමාව ගොනාට අන්දනවා වගේ බොරු කියලා අයිඑම්එෆ් එක රවට්ටන්න බෑ.

මේ අය මැතිවරණයට මුල්තැන දීලා අයිඑම්එෆ් න්‍යාය පත්‍රය නොසලකා අයවැය පැත්තකට දැම්මා’

Related posts

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම දින දෙකයි

colombotoday

නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ තවත් 581ක් අත්අඩංගුවට

colombotoday

කොරෝනා වෛරසයේ ආයුකාලය සොයා ගැනේ… වානේ, පිත්තල සහ ප්ලස්ටික් මතත් සක්‍රියව ඉන්න පුළුවන්

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

Admin

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නිෂ්පාදනය කළ රාවනා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම අද

colombotoday

අකාර්යක්ෂම රාජ්‍ය සේවය සමඟ රටට ගමනක් නෑ

Admin