Colombo Today Local News

අඩුවට නෙට් දෙන තවත් වැඩකට ඇමති හරීන් අත ගසයි.. මේ පාර ඇමරිකානු සිලිකන් වැලියෙන් ගෙන්වයි

බාධාවකින් තොරව අවම මිල ගණන් යටතේ ශ්‍රී ලාංකිකයන් වෙත අන්තර්ජාල පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් වන ව්‍යාපෘතියක් මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකාවේ සිලිකන් වැලි (Social Capital) හා රාමා සහයෝඟීතාව (Rama Corporation) සමාගම් එකඟතාවය පළකර අැත.

එම සමාගම් නියෝජනය කරන ශ්‍රී ලාංකිකයෙකු වන චමත් පල්ලියපිටිය මහතා මේ වෙනුවෙන් ඉදිරිපත් වී සිටින අතර ඒ හරහා රටේ අන්තර්ජාල පහසුකම් වර්ධනය කරමින් එය රටේ සංවර්ධනයට දායක කර ගැනීම අපේක්ෂාව වී තිබෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ බව සදහන් කළේ කොළඹ දී පැවැති මාධ්‍ය හුමවකට සහභාගි වෙමිනි.

මේ නව ව්‍යාපෘතිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, ඇමෙරිකාවේ සිලිකන් වැලි (Social Capital) හා රාමා සහයෝඟීතාව (Rama Corporation) එක්ව ක්‍රියාත්මක කරන අතර ශ්‍රී ලංකාව තුළදී ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය සහ ඩයලොග් සමාගම ඒ සඳහා සහාය ලබාදෙයි. වසරක කාලයක් මේ නව ව්‍යාපෘතිය අත්හදා බලන අතර එහි සාර්ථකත්වය මත එයින් අනතුරුව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

රථවාහන දඩ ක්‍රමය අලුත් වෙයි

colombotoday

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතීන්ට යළිත් එම ඇමැති ධුර දෙන්න – අගමැති ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

“ඉල්ලීම් කොයිතරම් සාධාරණ වුණත් ඒ ගැන කොවිඩ් වෛරසයට අවබෝධයක් නෑ.” – ගුරුවරුන්ට PHI සංගමය අනතුරු අඟවයි

colombotoday

ETCA ගිවිසුම අත්සන් කර අපේ බඩු ඉන්දියාවට යවනවා.. රට පොහොසත් වෙනවා – සජිත්ගේ ETCA විග්‍රහය මෙන්න

colombotoday

මාලිමා මාධ්‍ය වාරණයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයත් කැළඹෙයි

Admin

අධිවේගයේ අනතුරකින් කතක් මරුට… 5ක් රෝහලේ..

colombotoday