Colombo Today Local News

ෆෙඩරල් නොදෙන බවට ප්‍රකශයක් කරන්න

මේ වන විට ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය ගැනීමට අසීරු තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

එහෙයින් පසුගිය සමයේ කොටි ත්‍රස්තවාදීන් සමග එකතු වී බෙදුම්වාදය දියත් කළ කණ්ඩායම් මුදල් වියදම් කර ජනප්‍රිය පුද්ගලයන් යොදාගෙන දේශපාලන පක්ෂ නිර්මාණය කර එම බහුතරය සකසා ගැනීමට කටයුතු කරන්නේ දැයි සැකයක් උපදින බව ඔහු සඳහන් කරයි.

ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි 2015 සමයේ ගෙන ආ ඔරුමිත්තනාඩු ව්‍යවස්ථා යෝජනාවලින් හැකි ඉක්මනින් සම්පූර්ණ කිරීමට යෝජනා කර ඇති බවත් අගමැතිනි හරිනි අමරසූරිය ද සාමාජිකත්වය දැරූ එම ව්‍යවස්ථා යෝජනාවලිය මගින් මෙරට ජාතික ධජය වෙනස් කිරීම, මෙරට අනාගමික රාජ්‍යයක් කිරීම සහ ඒකීයභාවය අහෝසි කරමින් ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීමට යෝජනා කර ඇති බවත් සාගර කාරියවසම් පෙන්වා දෙයි.

මෙම කරුණු සැලකිල්ලට ගෙන මහා මැතිවරණයට පෙර මේ රට ෆෙඩරල්කරණය සඳහා ඉඩ ලබා නොදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළ යුතු බව ඔහු අවධාරණය කරයි.

Related posts

කොවිඩ් රෝගීන් වැඩි වීම සෞඛ්‍ය කේෂ්ත්‍රයේ දරාගැනීමට ඇති හැකියාව ඉක්මවා යාමේ අවධානමක – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි

colombotoday

ආණ්ඩුව හදපු ගමන් බලය විමධ්‍යගත කරනවා

Admin

අර්ජුන් මහෙන්ද්‍රන් දැන් ඉන්නේ සිංගප්පූරුවේ – ජාත්‍යන්තර පොලිසිය තහවුරු කරයි…

colombotoday

රතන හිමි පොහොට්ටුවෙන් ඉවත්වූ බව කියන ලිපිය බොරුවක්…!

colombotoday

එජාප සන්ධානයේ නම – ලකුණ අද

colombotoday

තැපැල් ඡන්දය භාවිත කිරීමට අතිරේක දින දෙකක්

colombotoday