Colombo Today Local News

ලයිසන් නැති අය පැද්දොත් රටට වෙන්නේ කොතලාවල බස් එකට වුන දේ

වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ බංකොලොත්භාවයෙන් එළියට පැමිණි පළමු රට ශ්‍රී ලංකාව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා තමන්ට උදව් කළ අත්දැකීම් සහිත පළපුරුදු පිරිස ඉදිරි මහා මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට තෝරාපත් කොට යැවිය යුතු බවයි.

මේ වන විට ආණ්ඩු පක්ෂයේ පළපුරුදු අත්දැකීම් සහිත කිසිවෙකුත් නොමැති බවත් ඔවුන් රට කොතැනට රැගෙන යා දැයි කිව නොහැකි බවත්ය.

බස් රථයක් භාරදිය යුත්තේ බලපත්‍රයක් සහිත රියදුරෙකුට බව ද එසේ නොකොට ටියුෂන් දිය යුතු මට්ටමේ පිරිසකට රට භාර දුනහොත් කොතලාවල බස් රථය මෙන් රට ද අනතුරට ලක්වනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්ඩිෆෙන්ඩන්ඩ් ආර්කේඩ්හි පැවැති හමුවකට එකතු වෙමිනි.

Related posts

හෙරොයින් සමග තරුණයෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

ටෙස්ට් ආකෘතිය වෙනස් කිරීමට මහේල විරුද්ධ වේ.

colombotoday

වැල්ලවායේ නිවසකින් කැපුම් තුවාල සහිත මළ සිරුරක් හමු වෙයි

Admin

හිටපු ජනපති මහින්ද, වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වයි (Video)

colombotoday

“අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවලට පමණක් මුදල් වෙන් කරන්න” – ජනපතිගෙන් උපදෙස්

Admin

10 වැනිදා සිට එජාප තනි ආණ්ඩුවක්…

colombotoday