Colombo Today Local News

අපි ණය අරන් රටම සංවර්ධනය කළා.. මේ රජය ඩොලර් මිලියන 6000ක ණය අරන්, බෝක්කු කටක් හදල නෑ

mahinda 255

අග්‍රාමාත්‍යවරගේ චීන සංචාරය හොඳ ක්‍රියාවක් බවත් මේ ආණ්ඩුව ඉඳහිටලා හොඳ වැඩක් කරන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

චීනය සමග තරහ නොවී සුහදව කටයුතු කළ යුතු බව තමන් නිතරම පෙන්වා දුන් බවද හෙතෙම පැවසුයේ අද (10) අඟුණකොළපැලැස්ස, අලුත්වැව පුරාණ විහාරස්ථානයේදීය.

කෙසේ නමුත් මේ ආණ්ඩුව සංවර්ධනයට බ්‍රේක් ගසා මේවන විට නතර කර ඇති බවත් ආර්ථිකය කඩා බිඳදමා තම රජය සමයේ කළ කී දෑ පිළිබඳ විවේචනය කර කර සිට දැන් ප්‍රමාදවී හෝ චීනයේ ආධාර ගැනීමට සිදුවී ඇති බවත් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

තමන් විසින් ලෝකයේ විවිධ රටවලින් ණය මුදල් ගෙන කළ දේවල් රට පුරා දැකගත හැකි බවත්,වත්මන් රජය විසින් ඩොලර් මිලියන 6000 ක ණය අරන් එකදු බොක්කු කටක් හෝ සාදා නොමැති බවත් ඔහු කියා සිටියේය.

 

Related posts

“බදියුදීන් ගැන රහස් පොලිසියේ වාර්තාව අනුව පාර්ලිමේන්තුවත් ක්‍රියා කළ යුතුයි” අගමැති

colombotoday

ස්ථාපිත කර ඇති යාන්ත්‍රණයන්ට ගරු කල යුතුයි. පී.සී.ආර්. පරීක්ෂණ මඟ හැරී තානාපති නිලධාරිනියට නාමල් මතක් කර දෙයි

colombotoday

බස්නාහිර රෝහල් රැසකදී අවුරුදු 12ට වැඩි සංකූලතා සහිත දරුවන් එන්නත්කරණය අද

colombotoday

සිව් නිවුන් දරු උපතක් පුත්තලම රෝහලේ…

colombotoday

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Admin

බුද්ධශාසන ඇමැතිගේ චීන සංචාරය ඵල දරයි

colombotoday