Colombo Today Local News

අපේ වෘත්තීය සමිති ටික විසුරුවලා දානවා

මෙරට මුහුණ දෙන වැඩ වර්ජන අමිහිරි අත්දැකීම් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දාහතරවෙනිදායින් පසු අවසන් වන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා සඳහන් කරයි.

ඒ සඳහා පළමු පියවර තම පාර්ශවයෙන් තබමින් තම පක්‍ෂය සම්බන්ධ සියලුම වෘත්තීය සමිති විසුරුවාරින බවද ඔහු කියා සිටී.පාර්ලිමේන්තු මැතිවරණයේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

“අපේ රටේ බොහොම අමිහිරි අත්දැකීම් තියෙන්නේ. ළමයා ඉස්කෝලෙ යනවා..දවසක් ගුරුවරු ස්ට්‍රයික්, තව දවසක් විදුහල්පති ස්ට්‍රයික්, තව දවසක් අනධ්‍යන කාර්යය මණ්ඩලය ස්ට්‍රයික්, ඉස්පිරිතාලෙට යනවා බේත් ගන්න..එක දවසක් ඩොක්ටර්ස්ලා ස්ට්‍රයික්, තව දවසක් නර්ස්ලා, තව දවසක් ඇටෙන්ඩන්ට්ලා. එක දවසක් පාරට බැස්සම…ලංගම බස් ස්ට්‍රයික්, අනෙක් දවසේ පාරට බැස්සම ප්‍රයිවට් බස් ස්ට්‍රයික්… මොනවගේ ඉතිහාසයක්ද තියෙන්නේ.අද මම කිව්වයි කියලා හිතා තියාගන්න. ඒ ස්ට්‍රයික් ඉතිහාසය නැතිවෙනවා ඉස්සරහට. කාට විරුද්ධවද ස්ට්‍රයික් කරන්නේ. ආණ්ඩුවත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවානම් කථාකරලා බේරගන්න.අද උපදින දරුවන්ට තව අවුරුදු 10ක් 15ක් යනකොට ඒ ළමයිට කියලා දෙන්න වෙනවා…පුතේ ස්ට්‍රයික් එකක් කියන්නේ මේකයි කියලා. ඇඳිරිනීතිය කියලා දෙන්න වෙනවා පුතේ…ඇඳිරිනීතිය කියන්නේ මේකයි කියලා. ඒ කිසිත් නැති හොඳ රටක් මේ නිර්මාණය කරන්නේ. බලන්නකො බොරුද කියලා. මේ තියෙන්නේ සංක්‍රාන්ති කාලයක්. මේ සංක්‍රාන්ති කාලය අවසන් වෙනවා නොවැම්බර් 14න් පස්සේ”

Related posts

විභාග මධ්‍යස්ථානයකදී සිසුවියක අපයෝජනයට තැත් කළ ගුරුවරයාගේ වැඩ තහනම්

colombotoday

සබරගමුව ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

Admin

සෞඛ්‍ය වෘත්තීය සමිති 11ක් බස්නාහිර පළාතේ සංඛේත වැඩ වර්ජනයක

colombotoday

ලංකාව දෙකඩ කර උතුරේ වෙනම රටක් හදන්න උපරිම සහය දෙනවා – බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය කියයි

colombotoday

ශ්‍රී ලංකාව යෝජනා කරන දේශිය යාන්ත්‍රණය මානව හිමිකම් කොමසාරිස්වරිය ප්‍රතික්ෂේප කරයි

colombotoday

මසක් තුළ සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් දිවයිනට

colombotoday