එළඹෙන 14 වෙනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව මල්විලක් කිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්රික් අපේක්ෂක නලින් හේවගේ මහතා සඳහන් කරයි.
බද්දේගම දී පැවති ජාතික ජන බලවේග ජනරැළියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
පවුල් දේශපාලනයේ සහ හවුල් දේශපාලනයේ අවසානය මේ මැතිවරණයෙන් තහවුරු වෙනවා. මේ මජර දේශපාලනය තිබෙන පාර්ලිමේන්තුව 14 වැනිදායින් පසු මල් විලක් බවට පත් කරන්න අපි සූදානම් වෙනවා.දේශපාලනය නිසි ආකාරයෙන් ගොඩනැඟීම අපේ වගකීමක්.
එතැනින් පටන්ගෙන මේ රටේ සමස්ත ජනතාවගේ ජීවිත යහපත් බවට පත් කිරීමේ වගකීම අපි ක්රියාවෙන්ම ඔප්පු කරනවා.ඒ වෙනුවෙන් ලබන 14 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයේ දී මාලිමාවේ මන්ත්රීවරුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න’