Colombo Today Local News

මම රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න වෙන් කල මුදල් වලට මොකද කලේ?

ලබන ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් ඊට වෙන් කරන ලද මුදල් කොහේදැයි ආණ්ඩුව වහා හෙළිකළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

වෘත්තීය සංගම් නියෝජිතයන් සමග ඊයේ (23 වැනිදා) පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය. කොළඹ මල් පාරේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,

අදාළ වේතන වැඩි කිරීම සඳහා හැකියාව තිබේදැයි මා භාණ්ඩාගාර ලේකම්ගෙන් විමසූ විට ඔහු පැවසූයේ එතරම් මුදලක් ලබාදීමට නොහැකි බවයි. අපගේ අයවැයට මෙතරම් මුදලක් දරාගන්නට නොහැකි වනු ඇතැයි ද භාණ්ඩාගාර ලේකම්වරයා දැනුම් දුන්නා. ඒ කාරණය උදය සෙනෙවිරත්න ට දැනුම් දෙන ලෙස මා පැවසුවා. එමෙන්ම ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡා කොට අදාළ පඩි වැඩිවීම කරන්නේ කෙසේදැයි සොයා බලන ලෙසත් මා පැවසුවා.

ඒ පිළිබඳව සාකච්ඡා කොට එකඟත්වයකට පැමිණ තිබෙන බවත් පඩි වැඩි වීම එකවර නොදී එක වසරකදී සියයට පනහක් ලබාදී අනෙක් වසරේදී ඉතිරි පනහ ද ලබාදීමට හැකියාව තිබෙන බවත් පසුව ඔවුන් මට දැනුම් දුන්නා.

ඒ අවස්ථාවේදී මා මගේ ලේකම්ව සිටි සමන් ඒකනායක සමග පළමුවෙන් සාකච්ඡා කළා. එමෙන්ම මගේ ආර්ථික උපදේශක ආචාර්ය සමරතුංග සමගත් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන සමගත් මා සාකච්ඡා කළා. අවසානයේදී අප මෙලෙස පඩි වැඩිවීම ලබාදීමට එකඟතාවට පැමිණියා.

අපි එකඟ වූ අයුරින් පඩි වැඩිවීම කළත් මුදලේ වටිනාකම අඩුවීමේ අවාසිය පියවීමට හැකියාව ලැබෙන්නේ නැහැ. නමුත් මේ තීරණය නිසා යම් සැලකිය යුතු පමණකට අස්වැසිල්ලක් ලැබෙන බව අප දැනගෙන සිටියා.

ඒ අනුව රාජ්‍ය සේවක වේතන වැඩි කිරීමේ කැබිනට් පත්‍රිකාව මා ඉදිරිපත් කළා. එම කැබිනට් පත්‍රිකාවට මා අත්සන් කර තිබෙන්නේ ජනාධිපතිවරයා හැටියටයි. ඒ අනුව මෙම තීරණයට භාණ්ඩාගාරයේ අදහස් වුවමනා වන්නේ නැහැ.

මා මේ පඩි වැඩිවීම ඉදිරිපත් කළේ මුදල් අමාත්‍යවරයා ලෙසයි. ජනාධිපතිවරයා ලෙස අදාළ පත්‍රිකාවට අත්සන් කරන විට නැවත මුදල් අමාත්‍යාංශය ලෙස ලිපි ශීර්ෂ ඉදිරිපත් කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. ජනාධිපතිවරයා ලෙස අත්සන් කිරීම නීත්‍යානුකූලයි. අදාළ වේතන වැඩිවීම ලබාදීමට මුදල් තිබෙනවා. මුදල් නැතැයි කියනවා නම් ඒක පුදුම කතාවක්. දැන් රාජ්‍ය සේවකයන් මේ සටන ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා’’යැයිද හිටපු ජනාධිපතිවරයා කීවේය.

Related posts

හිටපු CID ලොක්කා ශානි අබේසේකරට අභියාචනාධිකරණයෙන් ඇප

colombotoday

බදු අහෝසි කරන්න හැකියාවක් නෑ.. – ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

Admin

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් ගේ බිරිය “හීන් මැණික්” මිය යයි.

colombotoday

51%ක කොටස් චීන සමාගමකට පැවැරීමට ගිවිසුම් ගහලා

colombotoday

ත්‍රස්තවාදීන් තුරන් කිරීමට සහයෝගය දෙන්න. නැත්නම් ඔබගේ දරුවන්ද බෝම්බකරුවන් බවට පත්වේවි. | රිෂාඩ්ගේ බිරිඳට බොදු බලෙන් පිළිතුරු ලිපියක්

colombotoday

“ආහාර සපයා ගත හැකි සුළු පිරිසක් ඉතිරි වී ඉතිරි පිරිස මිය යාවි.”

colombotoday